episode 01

280 23 6
                                    

" ඉක්මන් කරපන් යකෝ. ලෙක්චර් එකට තව පැයයි...දන්නවනෙ පරක්කු උනොත් මොකද වෙන්නෙ කියල "

ජින් ඔය කෑගහන්නෙ කීවෙනි වතාවටද මංදා.. ඒත් ඒවා ජන්කුක් ට ඇහුනද? අනේ නෑ.. ජන්කුක් එයාගෙ පාඩුවෙ ඇඳුම් තෝරනවා එයාලගෙ බැඡ් ට්‍රිප් එක යන්න.

" බේම්සිකයා... ඇති යමන්... උඹට ඕන ලෙක්චර් හෝල් එකෙන් එලියෙ කණුවක් බදාගෙන ඉන්නද?"

ජින් ජන්කුක් ගෙ අතින් ඇද්දා..

" හරි... හම්බුනා... යමන්"

ජන්කුක් කහපාට ටී ෂර්ට් එකක් අරගෙන එන්න හැරුණා.

" මොකක්... මොකද මේ ටීෂර්ට් එක එන්නෙ නැත්තෙ පැටලිලා වත් ද? ... ආ...ශ්...."

ජන්කුක් ෆුල් ඩම් දාලා ඇද්දා... හත්දෙයියනෙ.....

" අඩේ........... මේ ෂොප් එකේ ඇඳුම් එක්ක කෙල්ලොත් දෙනවද බං"? අනේ මට මේ කෙල්ලොන්ගෙන් තියෙන කරදර මදෑ. ටී ෂර්ට් එක විතරක් ඇති.

ජන්කුක් ඇහුවෙ රැක් එකෙන් ටී ෂර්ට් එක අඳිනකොට ඒකත් එක්ක ගෑනු ලමයෙකුත් ඇදිල ආව නිසා...

" උම්බට විකාරද උම්ටෝ... ඕක දාලා යමන් ඉක්මනින් "

ජින් විලාප තියනව.

" පිස්සු කියවන්න එපා. මේක මට ඕනමයි... අක්කෙ... ඔන්න ඕක දෙන්න මට"

ජන්කුක් ටී ෂර්ට් එක ඇදලා ගන්න ගියත් කෙල්ල අතාරින පාටක් නෑ...

" මේක මමයි මුලින්ම ගත්තෙ.. "

" මුලින්ම ගත්තා නම් කැෂියර් එකේ ඉන්න එපෑ.. මෙතන මොනව කරනවද? අනික මේක කොල්ලො අඳින එකක්... "

" ඔව් ... මේක මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ට"

කෙල්ල ආයෙම ටීෂර්ට් එක තමන්ගෙ පැත්තට ඇද්දා..

" මම ඔයැයිගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි . මෙහෙ දෙනව ඕක "
. ජන්කුක් ආයෙම ඒක තමන්ගෙ පැත්තට ඇද්දා

" ඕක ඉරෙයි යකෝ.. අතෑරපන්.. "

ජින් එයාගෙ ටකරන් වොයිස් එකෙන් කෑගැහුවට වැඩක් උනේ නෑ. ජන්කුක් අතාරින පාටක් නෑ.

" මොකද මේ"?

ටිකක් ගැඹුරු කටහඬක් ඇහුණත් ජන්කුක් ඔලුව උස්සලා බලන්න මහන්සි නොවුනෙ අවධානය වෙනස් උනොත් කෙල්ල ටීෂර්ට් එක ඇදලා ගනියි කියල .

Love Me Again Where stories live. Discover now