episode 19

106 15 4
                                    

අමාරුවෙන් දවස් දෙකක් ගෙවාගත්ත ටේහ්‍යොන්ග් ඉරිදා දවස ගත කරේ හරිම උද්‍යෝගයෙන් . ජන්කුක් අනිවාර්යයෙන් ම ඉරිදා කැම්පස් එනව කියල ටේහ්‍යොන්ග් දන්නවා. උදේ ඉදන් මග බල බලා ඉදපු ටේහ්‍යොන්ග් අදත් ජන්කුක් ට කිහිප වතාවක්ම කෝල් කරත් ජන්කුක් ඒ එකකටවත් ආන්සර් කරේ නෑ. කොයිතරම් ප්‍රතික්ෂේප උනත් ටේහ්‍යොන්ග් ට දැනුනා එයාට ජන්කුක් නැති ජීවිතයක් නෑ කියල .ඒ නිසාම හවස් වෙද්දි කැම්පස් එකට ආව ටේහ්‍යොන්ග් හොස්ටල් එකට යන පාර අයිනෙ බංකුවක ඉදගත්තෙ කීයට හරි ජන්කුක් එයි කියන බලාපොරොත්තුවෙන්. හෙඩ්ෆෝන් එක ගහගෙන සිංදුවක් අහන ගමන් ටේහ්‍යොන්ග් පාර දිහාම බලන් හිටියා.

ටේහ්‍යොන්ග් ඇවිත් පැයකට කිට්ටුයි. යන්තමින් කළුවර වැටීගෙනත් එන නිසා ටේහ්‍යොන්ග් හිතුවා ජන්කුක් අදත් එන්නෙ නැති වෙයි කියල .  ලොකු හුස්මක් අතෑරපු ටේහ්‍යොන්ග් ලෑස්ති උනේ ආපහු යන්න. ඒත් ටේහ්‍යොන්ග් ගෙ බලාපොරොත්තු වලට අලුතින් පණක් ලැබුනෙ ඈතින් එන ජන්කුක් ව දැක්කට පස්සෙ . බංකුවෙන් නැගිටපු ටේහ්‍යොන්ග් ජන්කුක් ළඟට දුවගෙන ගියා.

" කොහෙද මනුස්සයො ගියෙ. යන දිහාවක කියල යන්න දන්නෙ නැද්ද? ඇයි කියන්නැතුව ගියෙ. මම කොච්චර කෝල්ස් ගත්තද"?

ජන්කුක් ට හුස්මක් ගන්නවත් ඉඩ නොදී ටේහ්‍යොන්ග් ජන්කුක් ගෙ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා. මහන්සි වෙලා ආව ජන්කුක් ට ටේහ්‍යොන්ග් ගෙ වැඩ නිසා දැනුනෙ කේන්තියක්.

" ඇයි වෙනදටත් මම ගෙදර ගියෙ ඔයාට කියලද"?

ජන්කුක් එහෙම කිව්වා විතරයි මෙච්චර වෙලා සතුටින් පිරිලා තිබ්බ ටේහ්‍යොන්ග් ගෙ මූණ බලාගෙන ඉදිද්දී මැලවිලා ගියා. දවස් දෙක තුනක් තිස්සෙ හිතේ හිරවෙලා තිබ්බ දුක ඔක්කොම එලියට පනින්න තරම් ජන්කුක් ගෙ වචන ශක්තිමත් උනා.

" සො..සොරි... මට අමතක උනා.. අපි හිතේ උඩින්ම තියන් ඉන්න ගොඩක් අයට අපි ගැන කිසිම හැඟීමක් නෑ කියල . කරදර කරාට සොරි"

බලාගෙන ඉදිද්දී ටේහ්‍යොන්ග් ගෙ කම්මුල් රතු වෙලා ඇස් වලින් කදුළු එන්කොට ටේහ්‍යොන්ග් කදුළු හංගගන්න ගොඩක් උත්සාහ කරා. ඒ නිසා ඉක්මනින් ම ජන්කුක් ගෙන් ඈත් උන ටේහ්‍යොන්ග් අඩිය ඉක්මන් කරා. ගල් ගැහිලා මොහොතක් බලන් ඉදපු ජන්කුක් කල්පනා කරේ මොකක්ද සිද්ධ උනේ කියල . ටේහ්‍යොන්ග් කියපු වචන ටික ආයෙම මතක් කරපු ජන්කුක් හොස්ටල් එකට යන එක පැත්තක දාලා ටේහ්‍යොන්ග් ගෙ පස්සෙන් දිව්වෙ සමාව ගන්න කියල හිතාගෙන.

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Dec 24, 2023 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

Love Me Again Où les histoires vivent. Découvrez maintenant