episode 13

72 18 9
                                    

" මට වොෂ් දාන්නැතුව නින්ද යන්නෙ නෑ. "

කූඩාරමට ආව ජන්කුක් නහයෙන් අඬන්න ගත්තෙ ට්‍රිප් එක ආව එක ගැන පසුතැවෙන ගමන්.

" යකෝ කෑම්පින් ආවාම ඕවා කරන්න බෑ. තියෙන විදියට හුරු වෙයන්"

ජින් කොච්චර කිව්වත් ජන්කුක් නහයෙන් අඬන එක නැවැත්තුවෙ නෑ .

" යමු "

බලන් ඉදලා බැරිම තැන ටේහ්‍යොන්ග් නැගිට්ටා.

" කොහෙද "?

ජන්කුක් පොඩි එකෙක් වගේ ඇස් ලොකු කරගෙන අහනවා.

" වොෂ් දාන්න"

" පිස්සුද? අරුන් මහන්සි වෙලා ඇදපු වතුරෙන් වොෂ් දානව දැක්කොත් මරයි තොපිව"

ජින් ආයෙම කිව්වත් ඒ වචන වලට ටේහ්‍යොන්ග් ව නවත්තන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ නිසාම ජිමින් ජින්ට ඇස් වලින් ඉඟි කරා කමක් නෑ කියල.

" ආවට කමක් නෑ හොල්මන් ගැන කියල මාව බය කරන්න එහෙම එපා ඔන්න."

ජන්කුක් ටවල් එක ටේහ්‍යොන්ග් අතට දීලා ටී ෂර්ට් එක ගැලෙව්වා.

" දැන් ඒවට මූඩ් එකක් නෑ. හොල්මන් ගැන කියන්න ගියොත් මගෙ අවධානෙ වෙනස් වෙනව. මම ආවෙ තමුසෙ නානවා බලන්නනෙ."

ටේහ්‍යොන්ග් කිව්වෙ ඇහැක් ගහලා.

" ඊ........ව්.... අසහනකාරයා..."

ඒ වෙද්දිත් ෂොර්ට් එකත් ගලවලා යට ඇඳුම පිටින් ඉදපු ජන්කුක් කෑගැහුවා.

" කෑගහල ගෙන්නපංකො අරුන්ව. එතකොට මැරුම් කන්න පුළුවන් ."

එහෙම කියපු ටේහ්‍යොන්ග් ෆෝන් එකේ ටෝර්ච් එක ජන්කුක් දිහාට ඇල්ලුවා.

" ඕක නිවපම් අසානකාරයා. මට කලුවරේ හොඳට ඇස් පේනවා. "

ජන්කුක් කිව්වෙ හොරෙක් වගේ හිමීට ඇඟට වතුර දාගන්න ගමන්.

" ඇයි රෑට රෑට හොරකමේ යනවද තමුසෙ.? සීතල නැද්ද ඕයි.. "

හුළං පාරට නිකනුත් ඇඟේ හිරිගඬු පිපෙද්දි ටේහ්‍යොන්ග් ඇහුවෙ පුදුමයෙන්.

" විකාර. මොන සීතලක්ද? ඔය මගුල නිවල දානව හලෝ"

ඒ වතාවෙ නම් ටේහ්‍යොන්ග් ටෝර්ච් එක නිවලා දැම්මෙ ජන්කුක් ගෙ කීම නිසා නෙවෙයි . මේ වෙද්දිත් සීතලේ ඉන්න ටේහ්‍යොන්ග් ට මුළු ඇඟම රත් වෙනව වගේ දැනුනා. උදේ දිය ඇල්ල උඩදි වෙච්චි දේ ආයෙම වෙයි කියල සාධාරණ සැකයක් දැනෙද්දි ටේහ්‍යොන්ග් ජන්කුක් ව නොපෙනෙන්න ටෝර්ච් එක නිවලා දැම්මා.

Love Me Again Where stories live. Discover now