episode 18

75 17 19
                                    


" ඒයි කුමාරයා... ප්‍රැක්ටිස් කරලා ඉවරද"?

ජන්කුක් කලබලෙන් හොස්ටල් එකට දුවද්දි ඇහුණ ටේහ්‍යොන්ග් ගෙ කටහඬ නිසා එහෙමම නැවතුනා.

" ටිකක් කතා කරමුද? උදේ වෙච්ච දේට සොරි"

ටේහ්‍යොන්ග් කිව්වෙ ජන්කුක් ගෙ අතකින් අල්ලගන්න ගමන්.

" ඒකට කමක් නෑ. මාත් වැරදියිනෙ. "

ජන්කුක් කිව්වෙ එතනින් යන්න උත්සාහ කරන ගමන්. ඒත් ටේහ්‍යොන්ග් අතින් අල්ලගෙන ඉදපු නිසා ජන්කුක් ආයෙම නැවතුනා.

" හෝසොක් බැන්නද"?

ටේහ්‍යොන්ග් ආයෙම ඇහුවෙ උදේ හෝසොක් කියපු දේවල් ආයෙම මතක් උන නිසා.

" නෑ.. ඇයි ඒ"?

" නෑ ඉතින් ... එදා මට ඔලුවෙ කැක්කුම හැදුන දවසෙත් මොනාද කියල තිබුණනෙ ඒකයි."

" හ්ම්ම්.... මම යන්නද? එකොළහට ලෙක්චර් එකක් තියෙනවා ."

ටේහ්‍යොන්ග් ඔලුව වැනුවෙ ජන්කුක් ගෙ අත අතාරින ගමන්. ජන්කුක්  යන දිහා මොහොතක් බලන් ඉදපු ටේහ්‍යොන්ග් ජන්කුක් දිහාවට දිව්වා.

" මාත් එන්නද? "

ටේහ්‍යොන්ග් අහද්දි ජන්කුක් ඔලුව වැනුවා.

සැරින් සැරේට ජන්කුක් දිහා බලන ගමන් ඒ ගානටම ඇවිද්ද ටේහ්‍යොන්ග් හිටියෙ කටත් උල් කරගෙන. ජන්කුක් ගෙ අවධානය නැති වෙද්දි ඔහොම පවුට්  එකක් හදාගෙන ඔරවගෙන ඉන්න ටේහ්‍යොන්ග් පුරුදු වෙලයි හිටියෙ.

" එන්න"

ජන්කුක් දොර ඇරලා කියද්දි ටේහ්‍යොන්ග්  ඒ මූණම තියාගෙන ඇතුලට ආවා.

" මම වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න ඕන. ඔයාට කැමති දෙයක් කරන්න එතකන්. අර පොඩි බාස්කට් එකේ ස්වීට්ස් ඇති . කැමති නම් කන්න."

ටේහ්‍යොන්ග් තාමත් කට උල් කරගෙන. පොඩි එකෙක් වගේ කකුල් ඇද ඇද ඇවිද්ද ටේහ්‍යොන්ග් බාස්කට් එක පිටින්ම උස්සගෙන ඇවිත් ඇඳෙන් ඉදගත්තා. ඒක දැකපු ජන්කුක් ට කේන්ති ගියෙ ඇඳේ තියාගෙන කෑම කන එකට ජන්කුක් තදින්ම විරුද්ධ නිසා. ඒත් ටේහ්‍යොන්ග් ඉන්නෙ දුකෙන් වගේ නිසා ජන්කුක් මොකුත් කියන්න ගියෙ නෑ.

Love Me Again Where stories live. Discover now