ජිමින් ගෙදර ආවෙ කම්මැලිකමෙන් . අද ඉදන් ජින්ගෙ හිනාවයි ජන්කුක්ගෙ කෑගැහිල්ලයි නෑ කියල මතක් උනාම ජිමින්ට දුකයි. ටේහ්‍යොන්ග්වත් හිටියනම් කියල ජිමින්ට හිතුනෙ අද රෑ පාළුවෙන් ගෙවල දාන්න වෙනව නේද කියල මතක් වෙද්දි.
" ජිමිනා..උඹ ආවද"?
කලින්ම ගෙදර ආව ටේ කෑගහලා අහද්දි ජිමින්ට සතුටක් දැණුනා. ජිමින් හිතුවෙ ටේ අදත් එන්නෙ නැති වෙයි කියල .
" උඹ ආවද"?
ජිමින් හිනාවකුත් එක්ක කාමරේට එබුනත් ඒ හිනාව මොහිතකින් නැති වෙලා ගියෙ ටේහ්‍යොන්ගෙ පෙනුම දැක්කම.
" ටේ........ දෙයියනේ ... උඹට මොකද මේ වෙලා තියෙන්නෙ ? උඹ කෑවෙ බිව්වෙත් නැද්ද බං. බලපං ඇඟේ හැටි... ටේයා... මොකද බං මේ. "
සුදුමැලි වෙලා ඇදිලා ගිහින් ඉන්න ටේ දැක්කම ජිමින්ගෙ ඇස් වල කඳුලු පිරුණා. ගත උන සතියෙම ටේහ්‍යොන්ග් හිටියෙ සිහියක් නැති මනුස්සයෙක් ගානට. කාමරේට වෙලා දොර වහගත්ත ටේහ්‍යොන්ග් කන්නවත් එලියට ආවෙ නෑ. ගෙනාව බියර්, සිගරට් ඉවර උනාම විතරක් ටේහ්‍යොන්ග් එලියට ආවා. අන්තිමේ ඒ කිසිම දේකින් වැඩක් නෑ කියල හිතපු ටේ තමන්ගෙ සැනසීම හොයාගෙන යන්න තීරණය කරා .
" කතාකරපන්කො බං."
ජිමින් ටේගෙ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා.
" මට නිදාගන්න ඕන බං.. මාව නිකං පිච්චෙනව වගේ. මට කියාගන්න තේරෙන්නෙ නෑ ජිමිනා. මට හිතෙන්නෙ මම ගත්ත තීරණය වැරදියි. මොලේට බම්බු ගහගන්න කියල මම හදවත කියන දේ අහන්න හිතුවා"
ටේහ්‍යොන්ග් කියද්දි ජිමින් කඳුලු අතරින් හිනාවෙලා ටේව බදාගත්තා.
" මට විශ්වාසයි උඹ හරි තීරණය ගත්තෙ කියල . ඕන දේකට මම ඉන්නවා.. , ඒත් මට හිතෙනවා උඹ පරක්කුයි කියල .. "
ජිමින්ගෙ කතාවට ටේ ගල් ගැහුනා ..
" ඒ කියන්නෙ හැමදේම ඉවරයිද? "
" හ්ම්ම්... ඔව්... මුළු කැම්පස් එකම කතාවෙන්නෙ ජන්කුක් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියල .. "
ජිමින් හිනාව හංගගෙන කියද්දි ටේ ජිමින්ට ටොක්කක් ඇන්නා.
" ඒ ලැජ්ජාවට වෙන්නැති අද දවල් ඇවිත් බඩු ටිකත් අරන් හොස්ටල් එකට ගියා දැන් ඉතින් මේක අමු සොහොන වගේ. දෙන්නා ඉන්නකොට කෑගැහිල්ලෙ අඩුවක් තිබ්බෙ නෑ"
YOU ARE READING
Love Me Again
Fanfiction" උඹ කියන්නෙ ඒ ජන්කුක් කියලද? උඹට හොඳටම විශ්වාසද"? ජිමින් ටේහ්‍යොන්ගෙ අතින් අල්ලගත්තා. " ඔව්. අද තමයි හරියටම කන්ෆර්ම් උනේ. මම ඒ ස්කාර්ස් දැක්කා" " මො..මොන ස්කාර්ස්?" " මම කිව්වෙ උඹට.. මතක නැද්ද ? අනික්වා ඕන නෑ බලපං වම් අතේයි කම්මුලෙයි තියෙන ඒවා. " ...