සතියක් නිවී සැනසිල්ලේ ගෙවිලා ගියා. ජන්කුක් උදේ පාන්දර නැගිටලා හෝසොක් හොයාගෙන ප්‍රැක්ටිස් රූම් එකට යන්න පිටත් උනා. ජින් නම් ලෙක්චර්ස් නැති නිසා එකොලහ වෙනකන් නිදාගන්නවා කියල දැඩි අධිෂ්ඨානයෙන් නින්දට වැටුණෙ.. ඒ නිසාම ජන්කුක් ජින්ව ඇහැරෙව්වෙ නැත්තෙ දිවි නසාගන්නව වගේ වැඩක් උදේ පාන්දර කරන්න ඕන නෑ කියල හිතලා.
ප්‍රැක්ටිස් කිට් එකත් බෑග් එකට ඔබාගෙන ජන්කුක් හාවෙක් වගේ උඩ පැන පැන ආර්ට් ෆැකල්ටියට ඇතුළු උනා. සිකියුරිටිගෙ ඉදන් බල්ලා පූසා වෙනකන්ම හැමෝටම හිනාවෙලා අත වනාගෙන එන එක තමයි ජන්කුක්ගෙ පුරුද්ද.
" ඕහ්... ජිමින් හ්‍යොන්.."
ජිමින් ඈතින් යනව දැකපු ජන්කුක් අනික් අයට කතා කරනව වගේම හයියෙන් කෑගහල ජිමින්ට කතා කරද්දි වටපිටාවෙන් " සූස්" ගාලා සද්දයක් ඇහුනත් ජන්කුක්ට නම් ඒක ගානක් උනේ නෑ.ඒකට හේතුව ජිමින් කියන්නෙ කා එක්කවත් කතාවට යන එක්කෙන් නෙවෙයි . සෑහෙන පොහොසත් පවුලක කඩවසම් තරුණයෙක් උන ජිමින් ඇන්දෙ මිල අධික බ්‍රෑන්ඩ් වල ඇඳුම් සපත්තු විතරයි . ජිමින්ගෙ පර්ෆියුම් එකම ලක්ෂ ගාණක් වටිනව. වෙන එකක් තියා ජිමින් කැම්පස් ආවෙත් එයාගෙ සුඛෝපභෝගී කාර් එකෙන්. ජිමින්ගෙ කඩවසම් ලස්සන නිසා වගේම පොහොසත් බව නිසාත් ගැහැණු පිරිමි හැමෝගෙම ක්‍රෂ් එක බවට ජිමින් පත් උනා. කලින් කිව්වා වගේ ජිමින් කා එක්කවත් කතාවට නොයන නිසා ජන්කුක් අර විදියට කෑගහද්දි හැමෝටම ඒක පුදුමයක් උනා.
" ඇයි"
ජන්කුක් එනකන් නැවතිලා බලන් ඉදපු ජිමින් ඒ විදියට ඇහුවෙ හිත හොඳකින් නම් නෙවෙයි . ඒ බව ජන්කුක්ටත් හොඳට තේරුණා.
" සොරි කරදර කරානම්.. ටේහ්‍යොන්ග් හ්‍යොන් දැක්කෙ නෑ ගොඩක් දවසකින්. එයාට තාම සනීප නැද්ද කියල අහන්න ඕන උනේ"
" අසනීපයක් නම් නෑ ඒත් ඌ කොහොමත් හොඳින් නෙවෙයි ඉන්නෙ. මේ දවස් වල නින්ද යන්නෙ නෑලු. "
ජිමින් අදහස් කරේ මොකක්ද කියල නොතේරුණත් ජන්කුක් ටේහ්‍යොන්ග් ගැන දුක් උනා.
" මේ සෙමෙස්ටර් එකත් ඉවර වේගෙන යන්නෙ. ඉතින් ඔහොම ලෙක්චර්ස් නෑවිත් කොහොමද එක්සෑම් කරන්නෙ. අනේමංදා "
YOU ARE READING
Love Me Again
Fanfiction" උඹ කියන්නෙ ඒ ජන්කුක් කියලද? උඹට හොඳටම විශ්වාසද"? ජිමින් ටේහ්‍යොන්ගෙ අතින් අල්ලගත්තා. " ඔව්. අද තමයි හරියටම කන්ෆර්ම් උනේ. මම ඒ ස්කාර්ස් දැක්කා" " මො..මොන ස්කාර්ස්?" " මම කිව්වෙ උඹට.. මතක නැද්ද ? අනික්වා ඕන නෑ බලපං වම් අතේයි කම්මුලෙයි තියෙන ඒවා. " ...