episode 08

73 14 2
                                    

" රෑ වෙන්නත් එනවා ජන්කුකා.. අදට ඇති..."

හෝසොක් ප්ලේයර් එක ඕෆ් කරලා දැම්මෙ ජනේලෙන් එලිය බලලා. ප්‍රැක්ටිස් කලින්ම ඉවර කරන්න පුළුවන් උනත් ටේහ්‍යොන්ග් ගෙන් බේරෙන්න ඕන නිසාම ජන්කුක් රෑ වෙනකන් ප්‍රැක්ටිස් කරන්න හෝසොක්ව කැමති කරගත්තා.

රෑ වෙලා හින්දම ජන්කුක් ප්‍රැක්ටිස් වලට අඳින ආම්කට් ටී ෂර්ට් එක පිටින්ම එලියට බැස්සෙ ඔක්කොම ළමයි මේ වෙලාවට හොස්ටල් වල එහෙම නැත්තං බෝඩිං වලට ගිහින් නිසා.

" Monday, Tuesday, Wednesday, Thursday, Friday
Saturday, Sunday (a week)
Monday, Tuesday, Wednesday, Thursday, Friday
Seven days a week
Every hour, every minute, every second
You know night after night
I'll be lovin' you right, seven days a week"

තනියම නිසාම ජන්කුක් සින්දුවකුත් මුමුණන ගමන් උඩ පැන පැන ගියෙ බයකට එහෙම නෙවෙයි .

ෆැකල්ටි එක පහුවෙලා වහල දාපු පරණ හොස්ටල් බිල්ඩින් එක ළඟට එද්දි ජන්කුක්ගෙ ගමන ටිකක් ස්ලෝ උනේ කාගෙහරි අඩි සද්දයක් ඇහුණ නිසා. නැවතිලා ඒ හඬට කන්දීගෙන ඉදපු ජන්කුක් ඒක තමන්ගෙ හිතේ ඇඳුන එකක් වෙන්නැති කියල හිත හදාගත්තා. ආයෙම සින්දුවත් මුමුණන ගමන් ඉස්සරහට අඩිය තිබ්බත් පිටිපස්සෙන් මොනවහරි වැටෙන සද්දයක් ඇහුණ නිසා ජන්කුක් ගල් වෙලා වගේ එතනම නැවතුනා. කෝටකත් කියල පිටිපස්ස බලපු ජන්කුක් දැක්කෙ ගහක වේලුණු අත්තක් බිමට වැටිලා තියන හැටි. ගහ උඩත් නිකමට වගේ බලපු ජන්කුක් තමන්ගෙම ඔලුවට පාරක් ගහගෙන ආපහු හැරුනෙ මේ විකාර වලින් බේරිලා ඉක්මනින් හොස්ටල් එකට යන්න. ඒත් තමන්ගෙ ඉස්සරහ කෙනෙක් හිටගෙන ඉන්නව දැකපු ජන්කුක් කෑ නොගහ බේරුනේ අනූනමයෙන්.

" ආ..... මහත්තයා .... බැහැරක් වගේ..."

ටේහ්‍යොන්ග් ගෙ තැන්පත් ගැඹුරු කටහඬ නිසා ජන්කුක් ට දැනුනෙ කේන්තියක්. තමන්ව බය කරලා දැන් මෙතන උපාසකව වගේ ඉන්න ටේහ්‍යොන්ග් ගෙ දත් ඇන්ද බඩට යවන්න ජන්කුක් මේ වෙද්දිත් ප්ලෑන් කරල ඉවරයි . ඒත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ඕන නෑ කියල හිතපු ජන්කුක් කටවහගෙනම ටේහ්‍යොන්ග් දැක්කෙ නෑ වගේ යන්න ගියා. ඒත් වැඩි දුරක් නෙවෙයි . යන්න ඇරලා අතින් ඇදලා ගත්ත පාරට ජන්කුක් ඇවිත් නැවතුනේ ටේහ්‍යොන්ග් ගෙ අත් අතරෙ. ටේහ්‍යොන්ග් ඉක්මනින් අත් දෙක තද කරේ ජන්කුක් ට පැනගන්න බැරි වෙන්න.

Love Me Again Where stories live. Discover now