කෑම එක දිගාරිනකොටම ටේහ්‍යොන්ග් ඇවිත් ළඟින් වාඩි උනේ කටත් ඇරගෙන. ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා රවල බලලා කෑම එක පාඩුවෙ කන්න ගත්තෙ ටේහ්‍යොන්ග් ව ගනන් නොගෙන .
" කවන්නැද්ද?"
ටේහ්‍යොන්ග් අහද්දි හෝසොක් , ජින් වගේම යොන්ජුන්ත් හැරිලා බලනව ජන්කුක් දැක්කා.
" ඒ මොකටද"?
ජන්කුක් ඇහුවෙ කේන්තියෙන් .
" බඩගින්නට "
" ආ.... තමුසෙට බඩගිනි නම් ඔය ෆෝන් එක ඔබන එක නවත්තලා කෑම එක අරන් කනවා. "
" මට බෑ... කවනවකො"
ටේහ්‍යොන්ග් මුරණ්ඩු විදියට කියන ගමන් ජන්කුක් ට ළං උනා.
" අනේ වද නොදී යනවකො. කන වෙලාවටත් කරදරේ"
ජන්කුක් කියනවත් එක්කම ටේහ්‍යොන්ග් නැගිටලා යන්න ගියෙ හැමෝම පුදුම වෙලා ජන්කුක් දිහා බලද්දි. ඒත් එක්කම වගේ ජිමින් නැගිට්ටා.
" හ්‍යොන් ඉන්න. මම බලන්නම්"
ජිමින් යන්න කලින් නවත්තගත්ත ජන්කුක් කෑම එකත් අරගෙනම ටේහ්‍යොන්ග් ගිය පැත්තට ඇවිදන් ගියෙ ඔලුව හරව හරවා ටේහ්‍යොන්ග් ව හොයන ගමන්.
මුල්ම දවස් වල වගේ නම් ජන්කුක් කීයටවත් ටේහ්‍යොන්ග් ව හොයාගෙන යන එකක් නෑ. ඒත් දවස් දෙකක විතර ඉදන් ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගැන දැනෙන්නෙ අමුතුම විදියකට.
දවල් කෑමට බස් නවත්තපු පාර්ක් එකේ කෙලවරක ගහක් මුල ටේහ්‍යොන්ග් වාඩිවෙල ඉන්නව දැක්ක ජන්කුක් කෑම එකත් අරගෙන ගිහින් එතනින් ඉදගත්තා.
" ඇයි? "
ටේහ්‍යොන්ග් ඇහුවෙ ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව.
" රණ්ඩු වෙන්න කලින් කාලා ඉන්නවා. ආ......."
" අනේ මට එපා කාගෙවත් කෑම.. මහලොකුවට කවන්න කිව්වම බෑ කිව්වෙ . ඇයි කට්ටිය බලන් ඉදිද්දී කවන්න ලැජ්ජද? මට ඕන නෑ තමුසෙගෙ කෑම"
ටේහ්‍යොන්ග් ගස්සලා අහක බලාගත්තා.
" එපාද?.... එහෙනම් මම කන්නම් ඉතින් . මාර රසයි මේක. මෙච්චර කන්නත් බෑ. ඒ උනාට කෑම විසි කරන්නත් හොඳ නෑනෙ"
YOU ARE READING
Love Me Again
Fanfiction" උඹ කියන්නෙ ඒ ජන්කුක් කියලද? උඹට හොඳටම විශ්වාසද"? ජිමින් ටේහ්යොන්ගෙ අතින් අල්ලගත්තා. " ඔව්. අද තමයි හරියටම කන්ෆර්ම් උනේ. මම ඒ ස්කාර්ස් දැක්කා" " මො..මොන ස්කාර්ස්?" " මම කිව්වෙ උඹට.. මතක නැද්ද ? අනික්වා ඕන නෑ බලපං වම් අතේයි කම්මුලෙයි තියෙන ඒවා. " ...