episode 16

78 17 11
                                    

ඒ පින්තූර ටික දැක්කට පස්සෙ ටේහ්‍යොන්ග්  අඬන්න ගත්තෙ හරියට පොඩි දරුවෙක් වගේ. ඒ දැනුන හැඟීම දුකක්ද සතුටක්ද කියල වත් ටේහ්‍යොන්ග් ට තේරුණේ නැ.

" පුංචි මහත්තයා ...."

වූබින්ගෙ කටහඬට ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සුවා.

" ඔහොම අඬලා දොඩලා හරියන්නෑ. ඉස්සරහට මොනවද කරන්නෙ කියල කල්පනා කරමු. දැන් මහත්තයාගෙ කල්පනාව මොනව කරන්නද"?

"මට තේරෙන්නෙ නෑ"

යටිතොල හපාගෙන ටේහ්‍යොන්ග් උත්තර දුන්නෙ ආයෙම ඇඬෙයි කියල බයෙන්.

" මට මේ වතාවෙ නම් එයාව නැති කරගන්න බෑ වූබින්"

ටේහ්‍යොන්ග් ආයෙම කියද්දි වූබින් වෙද මහත්තයා ඒ දිහාවට හැරුණෙ අකුණක් ගැහුවා වගේ.

" පුංචි මහත්තයා කියන්න යන්නෙ පිරිමි ළමයෙක්ට ආදරේ කරනව කියලද? ඒත් එහෙම කොහොමද "?

වූබින් කතාව නැවැත්තුවෙ එයාගෙ නෝනා දොරකඩ ඉන්නව දැකපු නිසා.

" ඇයි පිරිමි ළමයෙක්ට ආදරේ කරාම මොකද වෙන්නෙ? මේ ලෝකෙ විනාස වෙනවද? මේ තරුණ ළමයින්ගෙ හිත් වලට විකාර අදහස් දාන්නෙ නැතුව ඉන්න මහත්තයා. තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා.

යුන් ජී ගෙ කතාව නිසා වෙදමහත්තයා ගෙ කට ඉබේම වැහිලා ගියා. ඒ නිසාම ආයෙත් ඒ ගැන කවුරුත් කතා කරන්න ගියෙ නෑ.

" මහත්තලයා දැන්ම යන්නෙ නෑනෙ.. මම දවල්ට කෑම ලෑස්ති කරන්න කියල අජුම්මට කියල ආවෙ. දෙන්නා එක්ක වත්තෙ පොඩ්ඩක් ඇවිදල එන්න්කො කෑම ලෑස්ති කරනකන්"

යුන්ජි එහෙම කියල බලෙන්ම වගේ වෙද මහත්තයා ව ඇදගෙන ගෙට යද්දි මෙච්චර වෙලා අඬපු ටේහ්‍යොන්ග් ට පුංචි හිනාවක් ගියා .

" ඕකි පොඩිකාලෙ ඉදන්ම යක්සනී. අද වෙදා ඉවරයි "

" ඕකට තමයි බං විවාහයේ කටුක බව කියන්නෙ. අර කුක්කාව බැඳගත්තොත් උඹෙ අනාගතේ උනත් ඔයිට දෙවෙනි වෙන්නෙ නෑ. කොහෙද ඉතින් ඉල්ලන්නෙ කන්න හදන්නෙ. මම වගේ තනිකඩව හිටියානම් ඔය මොකුත් නෑනෙ"

" ඇත්තටම එහෙම වෙයිද ජිමිනා"?

" එහෙම වෙයිද නෙවෙයි යකෝ එහෙම වෙනවා.. උඹ දන්නවනෙ අරූගෙ තරම.. හම්බෝ... බයේ බෑ.. "

Love Me Again Where stories live. Discover now