episode 10

71 20 3
                                    

" මේ... උඹ එනවද ජුන්නොන්ව රැග් කරන්න "

ජින් අහන්නෙ තාමත් ඇඳ උඩට වෙලා හිරි කඩන ජන්කුක් ගෙන්

" අනේ මට බෑ ඕයි. ඒ වෙලාවෙ කරන්න වැඩක් නැත්තං නිදාගන්නවා. උබත් මෙන්න මෙහෙට වෙලා වැඩක් කරගනින් නිකං වෙලාව නාස්ති කරන්නැතුව"

" උඹට බැරි නම් නිකාහිටු. මම යනෝ. ලස්සන කෙල්ලො ගොඩාක් ඉන්නවා. එකක් සෙට් කරගන්නවම තමයි මේ පාර නම්"

ජින් මනමාලකමට කොන්ඩෙත් හද හදා කියවද්දි ජන්කුක් ඇස් කරවකවලා අහක බලාගත්තා. 

" කාගෙද ඒ ෆෝන් එකක් රිංග් වෙන්නෙ?  උඹෙද? "

ජින් අහද්දි ජන්කුක් අතේ තිබ්බ ෆෝන් එක ජින්ට පෙන්නුවේ නොසැලකිලිමත් විදියට .

" මගෙත් නෙවෙයි "

චාර්ජ් වෙන්න දාපු තමන්ගෙ ෆෝන් එක දිහා බලපු ජින් නලල රැලි කරේ කුතුහලයෙන් .

" මල හුට්ටප්පරයයි... හත්තිලව්වේ ඒක අමතකම උනානෙ. "

දුන්නෙන් විද්දා වගේ ඇඳෙන් පැන්න ජන්කුක් ලොන්ඩ්‍රි බකට් එක අදින්න ගත්තෙ පිස්සෙක් වගේ. ඊයෙ ටේහ්‍යොන්ග් ඇඟේ ගහපු ෆෝන් එක ජන්කුක් ඒ වෙලාවෙ සාක්කුවට දාගත්තා.

" යුරේකා..... "

කෑගහගෙන ජන්කුක් අතට ගත්තෙ ෆෝන් එකක්.

" ක..කාගෙද ෆෝන් එක? උඹ තව එකක් ගත්තද? අඩේ ඇපල් එකක් නේද? අප්පා අරන් දුන්නද බං?"

ජින් ඇස් දෙක නලලෙ තියාගෙන ඇඳෙන් බැහැගෙන ආවෙ ජන්කුක් ළගට.

" අප්පා අරන් දෙයි මේන් කියල . මේක අර ජංගි හොරා ටේහ්‍යොන්ග් ගෙ"

එහෙම කියපු ජන්කුක් රින්ග්ස් යද්දිම ෆෝන් එක ඇඳ උඩට විසි කරා.

" පරිස්සමට බල්ලො .. ඕකෙ ගාණ දන්නවද උඹ? අනික උබට කොහෙන්ද ඕක"?

" ඊයෙ ප්‍රැක්ටිස් රූම් එක මොප් කරද්දි ඕක මගෙ ඇඟේ ගැහුවා. ආයෙ ගන්න අමතක වෙන්නැති . මටත් ඒක ගානක් ගියෙ නෑ. මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි බං. හැම තිස්සෙම ඕකගෙ අතේ තියෙන ෆෝන් එක නැති උනාම ඌ ගානක් නැතුව ඉන්නෙ කොහොමද ? ඌ ඇබ්බැහි වෙලා ඉන්නෙ ෆෝන් එකට. අඩුගානෙ කෝල් එකක් වත් දුන්නෙ නෑනෙ"

Love Me Again Where stories live. Discover now