episode 05

81 17 3
                                    

" බාත් රූම් එකට ළඟ කාමරයක් කියල තියෙන්නෙ ටේහ්‍යොන්ගෙ කාමරේ තමයි .. ජන්කුක්ට ඇවිදින්න අමාරු නිසා ටේහ්‍යොන්ග් එක්ක ඒ කාමරේ ඉන්න පුළුවන් . ජින්ට කෙලවරේ කාමරේ අව්ලක් නෑනෙ.  "

ජිමින් කියද්දි ජන්කුක් එකපාරටම ටේහ්‍යොන්ග් දිහා බැලුවා. ඒ වෙද්දි ටේහ්‍යොන්ගෙ ඇස් තිබ්බෙත් ජන්කුක් දිහාවට.

" එහෙම ඕන නෑ හ්‍යොන්. හොස්ටල් හිටියානම් කොච්චර දුර යන්න ඕනද බාත් රූම් වලට. එහෙම එකේ මේ අඩි දහය මොකක්ද. මම ජින් එක්ක රූම් එක ශෙයාර් කරගන්නම්"

ජන්කුක් උත්තර දුන්නෙ ටේහ්‍යොන්ගෙ හිතට සැනසීමක් දීලා. ජන්කුක් එක්ක රූම් එක ශෙයාර් කරගන්න ටේහ්‍යොන්ට කොහොමත් උවමනා උනේ නෑ.

" කමක් නැද්ද එහෙම? අනේමංදා ඉතින්. එහෙනම් ඔයාලා ඒ රූම් එකෙන් බඩු තියාගන්න. ජන්කුක් තුවාලෙ තෙමෙන්නෙ නැති වෙන්න වොෂ් දාගන්න හරිද"

ජිමින් අවවාද කරලා ජන්කුක්ව බාත් රූම් එකට පිටත් කරා. ජින් කෙලින්ම කාමරේට ගියෙ බෑග් දෙකත් එල්ලගෙන.   ඒ අතරෙ ටේහ්‍යොන්ග් ජිමින්වත් ඇදගෙන කාමරේට ගිහින් දොර වහගත්තෙ ජිමින් පුදුම වෙලා බලන් ඉන්නකොට.

" ජිමිනා මම මේ ටිකේ ගෙදර යන්නම්"

ටේහ්‍යොන්ගෙ වචන නිසා ජිමින්ගෙ පුදුමය වැඩි උනා.

";අර මොකෝ.. අරුන් දෙන්නා නිසාද? උඹ අමතක කරන්න එපා ජන්කුක් ඔය දුක් විඳින්නෙ උඹ නිසා කියල ටේ"

" මට ඒක කවදාවත් අමතක වෙන්නෑ ජිමිනා. ඒත් මට හිත හදාගෙන ජන්කුක් පේන මානෙ ඉන්න බෑ.. "

ටේහ්‍යොන්ග් කිව්වෙ අහක බලාගෙන.

" කියන දෙයක් තේරෙන විදියට කියපංකො"

" උඹ දන්නවනෙ මට මෙහෙම වෙන්නෙ ඇයි කියල . මෙහෙට ආවත් හරි දැන් ඒක වැඩියිනෙ. මම හිතුවෙ ඒ අර ජන්කුක්ලා එක්ක ඉන්න කෙල්ල මා රි නිසා කියල . ඒත් ඒක එහෙම නෙවෙයි "

ටේහ්‍යොන්ග් ආයෙම අහක බලාගත්තෙ සුසුමක් හෙලලා.

" එහෙනම්... උඹ ඒ කෙල්ල ළඟ ඉන්න හැම වෙලාවකම අසනීප උනා ටේ... ඉතින් උඹ කොහොමද කියන්නෙ...."
" නෑ.. ජිමිනා හැම වෙලාවකම නෙවෙයි . ගිය සතියෙ අපි දෙන්නා දුවලා වැටුන වෙලාවෙ ඒ කෙල්ල හිටියෙ නෑ. පෙරේදා කැන්ටින් එක ලඟදි ඒත් ඒ කෙල්ල හිටියෙ නෑ . ඒකි අපි එනකොට ලයිබ්‍රරි එකට ගියා. ඒ වගේම අදත් ඒ කෙල්ල හිටියෙ නෑ ජිමිනා..ඒ හැමතැනම හිටියෙ ජන්කුක් විතරයි "

Love Me Again Where stories live. Discover now