episode 03

94 21 3
                                    

" ආ.... නැගිට්ටද හාමු මහත්තයා? "

ඇඳේ ඉදගෙන නිදිගැට කඩන ටේහ්‍යොන්ග් දිහා බලපු ජිමින් කෑගහන්න ගත්තෙ උදේ පාන්දර කියන එක අමතක කරලා.

" ගුඩ් මෝනින් ජිමිනා."

ටේහ්‍යොන්ග් නිදිමතේම විෂ් කරත් ජිමින් රවාගෙන එතනින් ගියා මිසක් ටේහ්‍යොන්ට විෂ් කරේ නෑ. ටේහ්‍යොන්ග් කල්පනා කරේ මේ වතාවෙ තමන් කරපු වැරැද්ද මොකක්ද කියල . ටිකක් වෙලා කල්පනා කරද්දි මුලින්ම මතක් උනේ රෑ බිව්වා නේද කියල , ඊටපස්සෙ ජන්කුක්ව හොයාගෙන හොස්ටල් එකට ගියා නේද කියලත් ටේහ්‍යොන්ග්ට මතක් උනත් එතනින් එහාට සිද්ධ වෙච්ච කිසිම දෙයක් ටේහ්‍යොන්ගෙ මතකෙට ආවෙ නෑ. ඒ නිසාම දඩිබිඩියේ ඇඳෙන් පැන්න ටේහ්‍යොන්ග් ජිමින් ව හොයාගෙන දිව්වා.

" ජිමිනා.... සොරි... තරහ වෙන්න එපා සුදු මැණිකේ... "

සැටියට වෙලා ෆෝන් එක ඔබන ජිමින්ව බැක් හග් කරපු ටේහ්‍යොන්ග් ජිමින්ට කිස් එකක් දුන්නෙ කටවත් හෝදන්නෙ නැතුව.

" ඉදකිම් බේසිකයා... තෝ කුණුකෙළ පිටින් මාව ඉම්බද? තූ .... විතරක්..."

ටේහ්‍යොන්ග්ව තල්ලු කරගෙන දුවපු ජිමින් නැවතුනේ බාත් රූම් එකේ. ඔලුවත් කස කසා තනියම හිනාවෙවී ටේහ්‍යොන්ග් ඒ පස්සෙන්ම බාත් රූම් එකට ගියා.

" ජිමිනා....උඹද ඊයේ මාව එක්කන් ආවේ... මට මොකුත් මතක නෑ බං"

" මතක නෑ... ඔව් මතක තියෙන්න විදියක් නෑනේ.. උඹ ඔය ජරාව බීලා බීලා මැරියන්කො. හොඳට තියෙන ජීවිතේ විහින් විනාස කරගන්නවා කාලකණ්ණියා. උඹ ඊයේ බීලා හොස්ටල් එකට ගිහින්......................

ජිමින් සිද්ධ වෙච්ච දේ කියනකොට ටේහ්‍යොන්ග් ඔලුවෙ අත ගහගත්තා.

" උඹ මොකටද හොස්ටල් අස්සෙ රිංගුවෙ"?

" අනේමංදා ජිමිනා... මට මතක නෑ.

ටේහ්‍යොන්ග් ජිමින්ව මගෑරලා බාත් රූම් එකට රිංගුවේ ඇත්තම ඇයි හොස්ටල් එකට ගියේ කියල කල්පනා කරන ගමන්.

At hostel room 💜️

" ඕයි ජිනදාස..... නැගිටපාන්..........."

ජන්කුක් රූම් එක දෙක වෙන්න කෑගැහුවා.

Love Me Again Where stories live. Discover now