episode 02

91 20 2
                                    


" ඒ ජන්කුකා.... ඔච්චර හිතන්න එපා බං. හැමදේම හොඳින් වෙයි"

රෑ නිදාගන්න ඇඳට ආව ජින් දැක්කෙ අනික් ඇඳේ ඉදන් අහස පොළව ගැටලන්න කල්පනා කරන ජන්කුක්ව.

" අනේමංදා බං... මට හිතාගන්න බෑ මොනව කරන්නද කියල . අර හෝසෝක් කාරයා එක්ක ලේසි වෙන්නෑ. ඌ මාව මරවයි ප්‍රැක්ටිස් කරවලාම. "

" ඌ නම් ටිකක් අමුතු ඩෑල් එකක් තමයි . ළමයි ඩාන්ස් කරනකොට ඌ නිකං බලන් ඉන්නෙ අපරාධකාරයෙක් දිහා පොලිසියෙන් බලන් ඉන්නව වගේ. හැබැයි ඌ කිව්වා නේද උඹ තමයි හොඳම කියල . ඒ කියන්නෙ උඹට එච්චර අව්ලක් වෙන....... අහ්... මොකාද යකෝ මේ මහ රෑ දොරට ගහන එකා. දැන් එකොලහටත් කිට්ටුයි.."

ජින්ට කතාව ඉවර කරන්න හම්බ උනේ නෑ. දොරට ගහන සද්දෙට දෙන්න ගැස්සුනා. ජින් කලුවරේම ගිහින් දොර ඇරියෙ කාටවත් කරදරයක් ද දන්නෙත් නෑ කියල හිතලා..

" ඔ..ඔයා... "?

ජින්ගෙ කට බිම ගෑවෙන සයිස් එකට ඇරුනෙ දොර ලඟ ඉදපු හාදයා දැකලා. වෙන කවුරුත් නෙවෙයි ජන්කුක් එක්ක රණ්ඩු උන කෙල්ලගෙ බෝයිෆ්‍රෙන්ඩ්.

" කෝ ජන්කුක්..."?

එහෙම අහගෙනම කොල්ලා ඇතුළට ආවෙ ජින් දොර ළඟ ගල් ගැහිලා බලන් ඉදිද්දී. පුරුදුකාරයෙක් වගේ කාමරේ ලයිට් එක දාපු කොල්ලා නැවතුනේ ජන්කුක්ගෙ ඇඳ ළඟ.

" තමුසෙට මාව නිකමටවටත් මතක නැද්ද"?

පිලිමයක් වගේ හිටගෙන ඒක අහපු විදියෙන්ම ජන්කුක්ට තේරුනා කොල්ලා ඉන්නෙ බීලා කියල .

" හ්‍යොන්"?

ජන්කුක් ඉක්මනින් ඇඳෙන් නැගිට්ටා.

" මට තමුසෙව මතකයි ඕයි... කල්පනා කරාට ඔලුවට ආවෙ නෑ. ඒකයි ආවෙ හොයාගෙන ආවෙ.. තමුසෙ කියන්නෙ මාව දන්නෙ නෑ කියලද"?

" ඔ..ඔව්... අඩුගානෙ මම හ්‍යොන්ගෙ නමවත් දන්නෙ නෑ.. උදේ තමයි පලවෙනි වතාවට දැක්කෙ. හ්‍යොන් කැම්පස් ආවෙ නැද්ද"?

" මම ශිෂ්‍යත්වයක් ලැබිලා අවුරුද්දකට ඇමරිකා ගියා. ඇවිත් සතියක් විතර. ඕකේ... එහෙනම් අපි ගියා..."

කොල්ලා වැනි වැනී යනකොට ජන්කුක් ඒ පිටිපස්සෙන් දොරළඟට ගියා.

Love Me Again Where stories live. Discover now