" මට මේවා තවත් හිතෙ තියාගෙන ඉන්න බෑ ජිමිනා. මම මේවා පිලිවෙලක් කරගෙන එන්නම්"
ට්‍රිප් එක ගිහින් ආව හැටියෙම ටේහ්‍යොන්ග් ලෑස්ති කොහේ හරි යන්න.
" කොහෙද උඹ දැන් ඔය යන්න ලෑස්ති "
ජිමින් අහන්නෙ බයික් එකේ යතුරත් කරකවන ටේහ්‍යොන්ග් ගෙන් .
" ගමේ යන්න කියල "
" ගමේ කිව්වෙ වෙද මහත්තයා හම්බවෙන්නද"?
" ඔව් ජිමිනා ... උඹ කිව්වා වගේ ඇත්තටම ඒ ජන්කුක් නෙවෙයිද දන්නෙත් නෑනෙ. අනික මට මතක ජන්කුක් ඔහොම තරහ ගන්න කෙනෙක් නෙවෙයි "
"ඕ............. කමෝන් ටේ... හීන ලෝකෙන් බිමට බැහැපං.. අපි කොහොමද දන්නෙ ජන්කුක් ඇත්තටම කොහොම කෙනෙක්ද කියල . සමහරවිට උඹ ඌට ඔහොම ලං වෙන එක ඌටත් ප්‍රශ්නයක් වෙන්නැති . ඒ නිසාද දන්නෑනෙ ඌ ඔහොම තරහ ගන්නෙ. සමහරවිට උඹලා දෙන්නා දැන අඳුරගත්තම ඕවා හරියයි"
ජිමින් ටේහ්‍යොන්ග් ගෙ පිට අතගාන ගමන් කිව්වා.
" මට එච්චර කාලයක් මේවා හිතේ තියන් ඉන්න බෑ බං. මගෙ ඔලුව පුපුරයි. ඒ නිසා මම ගිහින් එන්නම්"
" හරි.. යමං මාත් එන්නම්. හැබැයි ඔය දඬුමොනරෙ නම් මම එන්නෑ."
ජිමින් කාර් කී එකත් අරන් ඉස්සර වෙද්දි ටේහ්‍යොන්ග් හිනාවෙවී ඒ පස්සෙන් ආවෙ ජිමින් වගේ යාළුවෙක් ඉන්න එක ගැන හදවතින්ම සතුටු වෙන ගමන්.
පැය තුනක විතර දිග ගමනකට පස්සෙ ජිමින් කාර් එක නැවැත්තුවත් ටේහ්‍යොන්ග් ට ඒ ගැන ගානක් නෑ. ඒ තරම් ලොකු කල්පනාවක.
" ඕයි .. මෙතනින් එහාට වාහනේ ගන්න බෑ. "
" අහ්"
ටේහ්‍යොන්ග් ගැස්සිලා වටපිට බැලුවා.
" පාර හරි නේද? උබ කියපු විදියට තමයි ආවෙ"
ටේහ්‍යොන්ග් කලබලෙන් වටපිට බලනව දැක්ක ජිමින් ආයෙම කිව්වා.
" හිටහං බලන්න, අවුරුදු ගාණකින් ආවෙ . පොඩ්ඩක් වෙනස් වෙලා වගේ මේ පැත්ත"
ටේහ්‍යොන්ග් කාර් එකෙන් බැහැලා වටපිටාව නිරීක්ෂණය කරා. ඊට පස්සෙ ජිමින් ඉන්න පැත්තෙන් වීදුරුවට තට්ටුවක් දාලා ඉඟි කරේ ජිමින් ට එලියට එන්න කියල .
YOU ARE READING
Love Me Again
Fanfiction" උඹ කියන්නෙ ඒ ජන්කුක් කියලද? උඹට හොඳටම විශ්වාසද"? ජිමින් ටේහ්‍යොන්ගෙ අතින් අල්ලගත්තා. " ඔව්. අද තමයි හරියටම කන්ෆර්ම් උනේ. මම ඒ ස්කාර්ස් දැක්කා" " මො..මොන ස්කාර්ස්?" " මම කිව්වෙ උඹට.. මතක නැද්ද ? අනික්වා ඕන නෑ බලපං වම් අතේයි කම්මුලෙයි තියෙන ඒවා. " ...