episode 09

76 14 2
                                    

ෆෝන් එකක් වයිබ්‍රේට් වෙන සද්දයක් එක දිගට ඇහෙද්දි ජන්කුක් ඇස් ඇරියෙ මහ රෑ කව්ද කෝල් කරන්නෙ බලන්න.

"මොකාද මේ මහ රෑ..."

ජන්කුක් හිතුවෙ තාම එයාට නින්ද ගිහින් පැයක් වත් නැතුව ඇති කියල "

" උගෙ ආච්චිට #%@$@.. යකෝ මහ රෑ ඉර පෑව්වද"?

කාමරේට හොඳට එලිය වැටිලා තියෙනවා දකිද්දි ජන්කුක් ට එලොව පොල් පෙනුනෙ හෝබි උදේම ප්‍රැක්ටිස් එන්න කියපු එක මතක් වෙලා. දඩිබිඩි ගාලා ඇඳෙන් පනින්න හැදුවත් අත පය හිරවෙලා වගේ දැනුන නිසා ජන්කුක් බැලුවෙ ඇත්තටම මොකක්ද තමන්ට වෙලා තියෙන්නෙ කියල . ටේහ්‍යොන්ග් ගෙ ඔලුව තමන්ගෙ ඇස් ඉස්සරහම තියෙන විදියට ටේහ්‍යොන්ග් ජන්කුක් ට තුරුළු වෙලා හිටියා.

" %@##@%@&.. නැගිටපිය.. මේ මොන මගුලක්ද? "

ජන්කුක් ගෙ බෙරිහන් දීමට ටේහ්‍යොන්ග් එක ඇහැක් විතරක් ඇරලා බැලුවා. කොන්ඩෙ නිකං කපුටු කූඩුවක් වගේ තියාගෙන ටේහ්‍යොන්ග් ඒ බලපු බැල්මට වෙන වෙලාවක නම් ජන්කුක් ට හිනාව නවත්තගන්න බැරි වෙනවා ෂුවර් .

" මොකද බං උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ? අපරාදෙ ලස්සන හීනෙකුත් දැක්කා"

" උදේ පාන්දර ...? අයින් වෙයන් අන්න අරහෙට මගෙ යකා අවුස්සන්නැතුව . දැන් දහයත් පහුවෙලා. අරහෙන් අර හෝසොක් යකා කෝල් ගන්නවා ආරූඪ වෙලා වගේ. මූ මෙතන මගුලක් කියවනවා. "

තමන්ගෙ ඇගේ තිබ්බ ටේහ්‍යොන්ග් ගෙ අතපය තල්ලු කරලා දාලා ජන්කුක් නැගිට්ටා.

"ඊ.....ව්... තමුසෙ ෂර්ට් එකකුත් නැතුවද මේ ඇඳට ආවෙ.. ජින්ගෙ ඇඳ තියෙද්දි මොන මගුලකටද මෙතනට ආවෙ"

රෑට කවදාවත් ටී ෂර්ට් එකක් අඳින්නැති ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් හිටියෙ කන්ෆියුස් වෙලා.

" මම රෑට ෂර්ට් අඳින්නෑ. සමහර දාට කලිසම අඳින්නෙත් නෑ. හෙලුවෙන් නිදාගන්නෙ..😉.මරු"

මේ මොන විකාරයක්ද කියන්න වගේ බැල්මක් දාලා ජන්කුක් ටවල් එක අතට අරගෙන ආයෙම ඒක රැක් එකට දාලා කබඩ් එකෙන් අලුත් ටවල් එකක් ගත්තා.

" මට හොරි නෑ යකෝ.... මම නාලා කරලා පිරිසිදුවට ඉන්න මනුස්සයෙක් "

Love Me Again Where stories live. Discover now