episode 11

76 15 7
                                    

" ඉක්මන් කරපං ජන්කුකා.. නැත්තං අපිව දාලා යයි."

ජින් දොර ළඟට වෙලා නොඉවසිල්ලෙන් කෑ ගහන්නෙ අද එයාලගෙ බැඡ් ට්‍රිප් එක නිසා. ගමන පටන් ගන්නෙ පහ හමාරට උනත් ජින් පාන්දර හතරෙ ඉදන් ලෑස්ති වෙන්නෙ. තාම වෙලාව පහටත් නෑ. ඒත් ජින් ගෙ කෑගැහිල්ලට ජන්කුක් කලින්ම ලෑස්ති වෙලා ඉවරයි. දැනුත් බෙරිහන් දෙන්නෙ සපත්තුවෙ ලේස් එක ගැටගහගන්නකන් ඉන්න බැරුව

" උඹට ඕන මේ සුභ උදෑසනේ මගෙන් කුණාර්ප අහගන්නද බල්ලො. කට වහගෙන හිටපන්.ඔය කෑගැහුවට ඕක පහ හමාරට තියා හයටවත් යන්නෑ"

කේන්තියෙන් කෑගහපු ජන්කුක් කලින් දවසෙ ලෑස්ති කරල තිබ්බ බෑග් එකත් අරගෙන දොර ළඟට ආවා.

" මම සූබින්ටයි යොන්ජුටයි කිව්ව පිටිපස්සෙ සීට් එක අල්ලගන්න කියල . එතකොට අපි සෙට් එකටම එකට ගියෑකි. "

ජින් උද්‍යෝගයෙන් කිව්වෙ පිටිපස්සට වෙලා බස් එක දෙක වෙන්න නටන හැටි ගැන හිත හිතා.

" එහෙනම් මට අයින ඕන. උඹල කොහොමත් යකා නටනවනෙ. මට පාඩුවේ නිදාගන්න ඕන"

" ඊයා යකෝ.. ට්‍රිප් එකක් යනකොටත් නිදාගන්නවද? උඹ යාලුවෙක් කියන්නත් ලැජ්ජයිනෙ. උඹ එහෙනම් අර ඉස්සරහ ගෑල්ලමයි ගොඩේ ඉදගනිම්. හැබැයි කෙල්ලොත් උඹට වඩා ආතල් එකක් ගන්නවා"

ජින් කටත් ඇද කරගෙන කිව්වෙ ජන්කුක් ට නෝන්ඩියට වගේ. ජින් කියපුවා ගනන් ගන්නෙ නැතුවම ජන්කුක් ඉස්සර උනා.

" ඒහ්... අර සින්නො මොකද බං කරන්නෙ?. "

බස් ටික  පේන මානයට ආව ජන්කුක් නැවතුනේ එහෙම අහන ගමන්.

" කෝ...? කව්ද? කොහෙද "?

" පොට්ටද යකෝ. යුමී නූනා, බෝරා නූනා එහෙම ඉන්නෙ , අර අර බස් එකේ ඉස්සරහ දොර ළග කායි හ්‍යොන්ග් ඉන්නවා. උනුත් එනවා කිව්වොත් අම්මපා මම හැරිලා යනව."

" අනේ පිස්සු කෙලින්නැතුව වරෙන්. උන් නිකං එන්නැති සමහරවිට ලෙක්චරර්ස්ලා කියපු නිසා. වරෙංකො යන්න"

ජින් බලෙන්ම වගේ ජන්කුක්වත් ඇදගෙන බස් නවත්තලා තියෙන තැනට ආවා. ළමයි ඔක්කොම රවුමක් හැදිලා ඉන්න නිසා ජන්කුක් ජින් එක්ක ඒ රවුමට එකතු උනා.

Love Me Again Där berättelser lever. Upptäck nu