episode 12

71 17 2
                                    

" අහ්... මගෙ කකුල"

පිටිපස්සෙන් ආව ටේහ්‍යොන්ග් වේදනාවෙන් කෑගහගද්දි  ජන්කුක් එකපාරටම නැවතුනා.

" මොකක්ද උනේ"

තප්පර ගානක් යද්දි ජන්කුක් ටේහ්‍යොන්ග් ළඟ.

" මගෙ කකුල පෙරළුණා"

ටේහ්‍යොන්ග් කිව්වෙ ජන්කුක් ගෙන් බැනුම් අහන්න බලාගෙන. විනාඩියෙන් විනාඩියට ජන්කුක් ටේහ්‍යොන්ග් ට මතක් කරා පාර බලාගෙන පරිස්සමට පඩිපෙළ බහින්න කියල . එයාලා දෙන්නා දිය ඇල්ල බලලා පහලට එනගමන් තමයි ටේහ්‍යොන්ග් ට ඔය අකරතැබ්බය සිද්ධ උනේ.

" කෝ බලන්න "

ජන්කුක් ඉක්මනින් ටේහ්‍යොන්ග් ළඟ දණ ගහලා සපත්තුව ගලවලා බැලුවා.

" පිටින් නම් මොකුත් අව්ලක් පේන්න නෑ. ගොඩක් රිදෙනවද"?

ජන්කුක් ටේහ්‍යොන්ග් ගෙ වලලුකර හරිය හිමින් සැරේ පිරිමදින ගමන් ඇහුවා.

" ටිකක්. කමක් නෑ ටිකකින් අඩු වෙයි
අපි යමු ඉක්මනින් . නැත්තං ගමන පරක්කු වෙයි මම නිසා"

ටේහ්‍යොන්ග් කියද්දි ජන්කුක් ඉක්මනින් ටේහ්‍යොන්ග් ගෙ මේස් එක දාලා සපත්තුවත් දැම්මා . නැගිටලා එහෙමම ටේහ්‍යොන්ග් ගෙ කරට අත දාගෙන ටේහ්‍යොන්ග් ව වාරු කරගත්ත ජන්කුක් පඩිපෙලේ අත් වැට අල්ලගෙන සීරුවට පඩි බහින්න පටන් ගත්තා.

" අනේ සමාවෙන්න ජන්කුක් . මම නිසා ජොලියෙ ට්‍රිප් එක යන්නත් බැරි උනා ඔයාට"

ටේහ්‍යොන්ග් ඇත්තටම එයා නිසා සිද්ධ උන දේවල් ගැන වද උනා.

" එහෙම එකක් නෑ. බොරුවට කෑගහන්නෙ නැතුව සිහියෙන් එනවා. නැත්තං දෙන්නම ඉදියි පල්ලමෙ. පේනවනෙ බෑවුම . වැටුනොත් සතියක් පෙරලෙනවා."

" එහෙම එකක් තියෙනවා . මම නිසා තමයි ඔක්කොම . පරක්කු උනොත් අනික් ළමයින්ටත් වෙලාවට යාගන්න බැරි වෙයි."

" කට වහගෙන එනවද නැත්තං මම උඩදි වෙච්ච සිද්ධිය ඔක්කොටම කියන්නද? අර තමුසෙගෙ විශ්ව දණ්ඩ...ම්හ්ක්ජ්%@&"

ටේහ්‍යොන්ග් ඉක්මනින් ජන්කුක් ගෙ කට වහලා දැම්මෙ දැණුන ලැජ්ජාවට.
ටේහ්‍යොන්ග්වත් වාරු කරගෙන අමාරුවෙන් පල්ලම බැහැගෙන ආව ජන්කුක් ට තේරුණා ටේහ්‍යොන්ග් ඉන්නෙ අමාරුවෙන් කියල .

Love Me Again Where stories live. Discover now