ටේහ්‍යොන්ග් අවදි උනේ හොඳ හුස්මක් අරගෙන. හරියට අලුතින් ඉපදුනා වගේ සැහැල්ලුවක් දැනෙද්දී ටේහ්‍යොන්ග් බැලුවෙ ඉන්නෙ කොහෙද කියල. මේ තරම් සැහැල්ලුවක් දැනෙන්නෙ හීනෙන් වෙන්නැති කියලයි ටේහ්‍යොන්ග් හිතුවෙ. ඒත් මෙච්චර වෙලා නිදාගෙන තියෙන්නෙ ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ ඔලුව ගහගෙන කියල දැක්ක ගමන් ටේහ්‍යොන්ග් ඈත් උනේ හරියට කරන්ට් එක වැදුනා වගේ. යටිතොල හපන ගමන් මොහොතක් ජන්කුක් දිහා බලාගෙන කල්පනා කරපු ටේහ්‍යොන්ග් ඔලුවත් කස කසා කාමරේට ගියෙ හිතේ එක එක සිතුවිලි පොරකද්දි.
" ආ.... නැගිට්ටද"?
ජිමින්ගෙ ටකරං වොයිස් එක ඇහෙද්දි ටේහ්‍යොන්ග් දත් සෙට් එකම පෙන්නලා විරිත්තුවා.
" හොඳට නින්ද ගියාද පැටියෝ... කුක්කුවක් අල්ලන් ඉදපු නිසා වෙන්න ඇති සනීපෙට නින්ද යන්නැත්තෙ"
ජිමින් කිව්වෙ ටේහ්‍යොන්ගෙ අත ජන්කුක්ගෙ ටීෂර්ට් එක අස්සෙ තිබ්බ හැටි මතක් වෙලා.
" ඊයා... බේසිකයා... මොනවද උඹ මේ කියවන්නෙ"
ටේහ්‍යොන්ග් කෑගැහුවෙ ජිමින් දිහාට කොට්ටයක් විසි කරලා.
" ආ........ උඹට කරන්න හොඳයි , කිව්වම වැරදියි.. ඊයා... අර ජිනපාලයත් දැක්කා "
" අනේ පලයං පාත්තයා... එහෙම මොකුත් උනේ නෑ. උඹ කෑගහල ඕවා අරූට ඇහුනොත් කුක්කු නෙවෙයි දත් නැතුව බත් තමයි කන්න වෙන්නෙ. "
ටේහ්‍යොන්ග් උඩ පැනලා ඇදේ හරහා වැටුනෙ ඇස් දෙක තද කරලා වහගන්න ගමන්.
" ජිමිනා..."
ඇස් වහගෙනම ටේහ්‍යොන්ග් කතා කරා.
" කියපං..."
" අවුරුදු දහයකට විතර පස්සෙ සනීපෙට නින්ද ගියෙ බං. පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ . "
ටේහ්‍යොන්ග් සුසුමක් හෙලලා කියද්දි ජිමින් ටේහ්‍යොන්ගෙ උරහිස උඩින් අත තිබ්බා.
" උඹ කියන්නෙ ජන්කුක් ලඟ නිදාගත්ත නිසා කියලද"?
ජිමින් අහන්නෙ පුදුමයෙන්.
" හ්ම්ම්ම්.... ඇස් වහගන්නවා විතරයි මතක. "
" එතකොට උඹ ඇයි ජන්කුක් ළඟ අසනීප වෙන්නෙ"?
YOU ARE READING
Love Me Again
Fanfiction" උඹ කියන්නෙ ඒ ජන්කුක් කියලද? උඹට හොඳටම විශ්වාසද"? ජිමින් ටේහ්‍යොන්ගෙ අතින් අල්ලගත්තා. " ඔව්. අද තමයි හරියටම කන්ෆර්ම් උනේ. මම ඒ ස්කාර්ස් දැක්කා" " මො..මොන ස්කාර්ස්?" " මම කිව්වෙ උඹට.. මතක නැද්ද ? අනික්වා ඕන නෑ බලපං වම් අතේයි කම්මුලෙයි තියෙන ඒවා. " ...