ජන්කුක් හිටියෙ ටේහ්‍යොන්ග් එක්ක තැනිතලාවක. ලස්සන දොළ පාරක් ළඟ පිපිලා තිබුණ කැලෑ මල් එකතු කර කර ඉදිද්දී මෙතෙක් වෙලා ඉදගෙන ඉදපු ටේහ්‍යොන්ග් ඇවිත් එයින් එක මලක් අරගෙන ජන්කුක් ගෙ කෙස් අතර රැඳෙව්වා. ඊටපස්සෙ ලස්සනට හිනා උන ජන්කුක් තමන්ගෙ අතේ තිබ්බ මල් ඔක්කොම ටේහ්‍යොන්ග් ගෙ කැරලි කොන්ඩයේ රැදෙව්වෙ හිනා වෙන ගමන්මයි. ඒත් ජන්කුක් හරිම උවමනාවෙන් කර කර ඉදපු වැඩේ නවත්තන්න උනේ කවුරු හරි උරහිසට තට්ටු කරපු නිසා. ජන්කුක් ඒක ගනන් නොගෙන දිගටම ටේහ්‍යොන්ග් ගෙ කොන්ඩෙ මල් රඳවන්න උත්සාහ කරත් ඊළඟ වතාවේ කවුරු හරි ජන්කුක් ට කතා කරා.
" ජන්කුක් .... ජන්කුක් "
මොකා උනත් කමක් නෑ ආව එකාට දෙකක් අමතන්නම් කියල හිතපු ජන්කුක් එකපාරටම පිටිපස්ස බැලුවා.
" ජින්..."
ඔව්.. ජන්කුක් ගෙ පිටිපස්සෙන් තට්ටු දාලා තියෙන්නේ ජින් . ඒත් ඒක නෙවෙයි පුදුමය. ජන්කුක් දැන් ඉන්නෙ ඒ තැනිතලාවෙ නෙවෙයි . කොහේදෝ කලුවර තැනක. හරියට කැම්පස් එක වගේ.. ඔව් කැම්පස් එක. ජන්කුක් ට පියවි සිහියට එන්න ටිකක් වෙලා ගියා. ඒත් එක්කම එයාගෙ ඇස් ගියෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහාවට . ඒ කියන්නෙ ජන්කුක් දැකලා තියෙන්නේ හීනයක්. ටේහ්‍යොන්ග් එක්කම ජන්කුක් ටත් නින්ද ගිහින්.
" යසයි පගයා.. මම අරහෙ බය වෙලා හොයනව. තෝ මෙතන බුදි. ඒ මදිවට මේ මොකාද?"
ජින් එයාගෙ රැප් එක පටන් ගත්තා. ෆෝන් එකේ ටෝච් එක ගහලා බැලුවෙ ජන්කුක් ගෙ ඔඩොක්කුවෙ නිදාගෙන ඉන්නෙ කව්ද කියල .
" අඩේ"
දැනුන ලැජ්ජාව නිසා ජන්කුක් ජින්ට රැව්වා.
" තොපි මේ රෑ මේ ගස් අස්සෙ මක් කොරනවද"?
ජින් ආයෙම ඇහුවා .
" අපි මක් කොරනව වගේද පේන්නෙ බොට"?
ජන්කුක් ඇහුවෙ ටේහ්‍යොන්ග් ව හොලවලා ඇහැරවන ගමන්.
" ජිමිනා... නිදාගන්න දියම් බං."
ටේහ්‍යොන්ග් නිදිමරගාතෙ කියවනවා
BẠN ĐANG ĐỌC
Love Me Again
Fanfiction" උඹ කියන්නෙ ඒ ජන්කුක් කියලද? උඹට හොඳටම විශ්වාසද"? ජිමින් ටේහ්යොන්ගෙ අතින් අල්ලගත්තා. " ඔව්. අද තමයි හරියටම කන්ෆර්ම් උනේ. මම ඒ ස්කාර්ස් දැක්කා" " මො..මොන ස්කාර්ස්?" " මම කිව්වෙ උඹට.. මතක නැද්ද ? අනික්වා ඕන නෑ බලපං වම් අතේයි කම්මුලෙයි තියෙන ඒවා. " ...