Prologue

959 102 50
                                    


Nightmare එකක් කියන්නෙ මොකක්ද? 

ඒ නපුරු හීනයක්.... 

එතකොට මේ Queenmare කියන්නෙ? 

හැමෝටම ඕන වුණා Queenmare විසඳගන්න.... තමන්ගෙන් කෙනෙක් Queenmare කියන දේකට ගොදුරු වෙලා තියෙද්දි කාටවත් මොකුත්ම කරන්න බැරි වුනා..... කොහොමද Queenmare නවත්තන්න ඕනෙ?


********************


වැම්පයර්වරු කියන්නෙ වෙනස්කම් ගොඩක් එක්ක ජීවත් වෙන ජීවීන් කොට්ඨාශයක්. ඈත අතීතයේ ඉඳන්ම ඔවුන්ගේ නිජබිම වුණේ ට්‍රාන්සිල්වේනියාව. 

"එකම තැනට වෙලා හැමදාම ඉන්න බැහැ. අපේ දරුවන්ට ලෝකය ගැන ඉගෙන ගන්න එක වැදගත් වෙයි. හැමතැනම කොටු වෙලා ඉන්න අපේ දරුවන්ව එකතු කරගමු."

වැම්පයර්වරුන් ලෝකයේ විවිධ පළාත් වල ජීවත් වුනා. නමුත් මිනිසුන්ගෙන් සැඟවිලා ජීවත් වෙන එක හිතන තරම් ලේසි නැහැ. තමන්ගෙ තරුණ වැම්පයර් දරුවන්ගෙ ජීවිත අවධානමක බව ප්‍රධානීන් දැනගත්තා.

"දරුවන්ව මෙහෙන් පිට කරන්න ඕන. ඒත් මොකක්ද අපිට තියෙන හරිම විසඳුම?"

"අපිට පුළුවන් නැවක් මාර්ගයෙන් දරුවන්ව එලියට යවන්න. මම හිතන්නෙ ඒක ආරක්ෂිතයි."

අන්තිමට ඔවුන් තීරණය කරනවා නැවක් මඟින් ඔවුන්ගේ දරුවන්ට ලෝකය පුරා සැරි සරන්න අවස්ථාව ලබා දෙන්න. ඒ අනුව "Sol de memoria" නැව හරහා ඔවුන් තම තරුණ දරුවන්ට ආරක්ෂා විය හැකි මාර්ගයක් සකස් කලා.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Sol de memoria" ස්පාඤ්ඤ භාෂාවට අනුව මතකය සහ හිරු යන වචන දෙකින් එය සැදී තිබුණා. හිරු පිලිබඳ මතකයක් පමණක් ඇත්තවුන්. ඇත්තෙන්ම වැම්පයර්වරුන් හට හිරු පිලිබඳ මතකයක් සමඟ පමණක් ජීවත් වීමට සිදු වුනේ හිරු හමුවට යාමට ඔවුන්ට නොහැකි වූ නිසායි.

ඉතින් මේ ගමනේදී ඔවුන් මුහුණ දෙන නොසිතූ සිදුවීම් වලින් ඔවුන් කෙසේ නම් දිවි ගලවා ගනීවි ද? කිසිවෙකු නොදන්නා Queenmare වෙන් ගැලවීමට ඔවුන්ට හැකි වේවිද?


Wish For Queenmare


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


______________________________________________

ඔන්න ලමයි මේක තමයි ඔයාලට දෙනවා කිව්ව Vampire කතාව. කලින් OT7 එකක් කියලා නෙ කිව්වෙ. කතාවෙ හත් දෙනාම ඉන්නවා. හැබැයි ටේහ්යොන්ග් තමයි ප්‍රධාන වෙන්නෙ. ඒ නිසා ඕන කෙනෙකුට කියවන්න පුළුවන් වෙයි. අති සාර්ථක ලෙස අටවෙනි ටේහ්යොන්ග් කතාවත් පබ්ලිෂ් කරන මම.

තව කල්පයකින් හමුවෙමු.... ඔන්ගොයින් කතා ඉවර වුනාට පස්සෙ තමයි මේක දෙන්නෙ. ඔයාලව ටිකක් අවුස්සලා යන්න ආවෙ ඉතින් හි හි..... Draft 51 අතරින් Upcoming කතා තෝරගැනීමේ අපහසුතාවය නිසා Publish කරමි...

ආ එතකොට Queenmare ගැන කිව්වොත් ඔයාලා මේක හොයන්න යන්න එපා. මොකද මේක මම නිර්මාණය කරපු දෙයක්. Heirs of the night එක නිසා තමයි මට නැවක අදහසක් ආවෙ. ඒ වගේම මේක අමුතු කරන්න ඕන නිසා මම ක්වීන්මෙයාර් නිර්මාණය කලා. 

කමෙන්ට් කරගෙන යන්න හැමෝම.....


Blue Rose 💙🥀

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now