Chapter 21

286 76 38
                                    


වෙලාව රාත්‍රී නවයයි. නැවේ වැඩිහිටියො එක තැනකට එකතු වෙලා කතා කරමින් හිටියෙ එකපාරටම ටේහ්යොන්ග් පැනලා ගිය එක ගැන. උදේ ඉඳන්ම ටේහ්යොන්ග්ව හොයන්න මහන්සි වුනත් කාටවත් කොල්ලා ගැන කිසිම තොරතුරක් හොයාගන්න ලැබුණෙ නැහැ. හැබැයි දැන් නම් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලයි තිබුණෙ.

"කවුරුත්ම ඇතුළෙ නැහැ සර් විලියම්."

"ආශ්...... මුන් ඒපාර කොහෙද පැනලා ගියේ? කවුද දැන් නැත්තෙ?"

"ජින්, හෝසෝක්, නම්ජුන්, යුංගි, ජංගුක්, ජිමින් එක්ක හසූයාත් නෑ සර්."

සෙබළෙක් කියද්දි සර් විලියම් තමන්ගෙ අත මිට මොලවලා මේසෙට පාරක් ගැහුවෙ තරහින්. මීට ටික වෙලාවකට කලින් වැඩිහිටියො එක්ක කතා කරලා ටේහ්යොන්ග්ව ක්වීන්මෙයාර් එකෙන් ගලවගන්න ඉල්ලීමක් කලත් වැඩිහිටියො ඒකට එකඟ නොවෙද්දි ජින් තීරණය කලා අනිත් අයත් එක්කම නැවෙන් එලියට යන්න. ටේහ්යොන්ග්ට උදව් කරන්න තියෙන එකම ක්‍රමය මේක නම් ඒ ගැන තවත් කල්පනා කර කර ඉන්න ජින්ට ඕන වුණේ නැහැ. කාවවත් නැව ඇතුළෙ තනි කරලා දාලා යන එක අවධානමක් කියලා දැනුන නිසාමයි ජින් හැමෝවම මේ ගමනට එකතු කරගත්තෙ.

"එයාලා එහෙට යයි කියලා හොඳටම විශ්වාසද හ්යොන්ග්?"

"ටේ කියන්නෙ ලේසියෙන් දෙයක් අතාරින කෙනෙක් නෙවෙයි ජිමින්. එයා අනිවාර්යයෙන්ම පූජකවරියො ඉන්න තැනට යයි. අපිත් පුළුවන් තරම් ඉක්මනට යමු."

ජින් කියද්දි හැමෝම කැලෑව ඇතුලට ඇතුල් වුනේ ඒ පාර දිගේ ග්‍රීන්ලන්ඩ් වල ඉහල කොටසට යන්න ලේසි වුන නිසා. ලොකු පිරිසක් විදිහට සෙබළුන්ට අහු නොවී යන්නත් දවල් කාලෙදි ඉර එලියෙන් ආරක්ෂා වෙන්නත් තිබුණ හොඳම ක්‍රමය මේක. 

ජින් ඇතුළු පිරිස ඒ විදිහට ගමන පටන් ගනිද්දි ටේහ්යොන්ග් යුෆාරා දෙන්නා හිටියෙ අශ්ව ගාලක් ඇතුලට වෙලා විවේක ගන්න ගමන්. ඉර එලියට පිච්චුන තැන් රිදෙන්න ගනිද්දි ඒ වේදනාවත් ඉවසගෙන හිටපු ටේහ්යොන්ග් අහස දිහා බලාගෙන හිටියා. කලින් ජින් හිතුවා වගේම ටේහ්යොන්ග් පූජකවරියන් හම්බවෙන්න යන්න තීරණය කලා. හැබැයි මේක කොතනින් කොයි විදිහට ඉවර වෙයිද කියලා කවුරුත් දන්නෙ නැහැ.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now