Chapter 16

290 70 43
                                    


"හදිස්සියේ වත් ඒක වැඩිහිටියො දැනගත්තොත්?"

"එහෙම වුනොත් එයාලා ඔයාට ඔහොම නිදහසේ ඉන්න දෙන එකක් නැහැ ටේහ්යොන්ග්. එයාලා ඔයාට ප්‍රධාන තැනක් දෙයි. හැබැයි ඔයාට එතනින් පස්සෙ කිසිම ගෑනු ළමයෙක් ලඟට වත් යන්න බැරි වෙනවා. මම කියන එක තේරෙනවනෙ? එතකොට ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ටේ."

ජින් බිම බලාගෙන කියද්දි ටේහ්යොන්ග්ගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා. ක්වීන්මෙයාර් කියන දේ ශාපයක් නම් ඒක හරියටම ශාපයක් තමයි. ටේහ්යොන්ග්ට හිතුනෙ එහෙමයි. ඒත් කොල්ලා සමච්චල් සහගත විදිහට හිනාවුනේ මේ දේවල් පිළිගෙන පැත්තකට වෙන්න වුවමනාවක් කොල්ලට නොතිබුණ නිසා.

"ඔයා කියන්නෙ කොහෙවත් නැති හොල්මනක් නිසා මට මං ආදරේ කරන අයගෙන් ඈත් වෙන්න කියලද හ්යොන්ග්? හහ්...... මේක මට ඕන වුණ දෙයක් නෙවෙයි."

තරහින් කාමරේ එහෙට මෙහෙට ගිය ටේහ්යොන්ග් තමන්ගෙ මේසෙට පයින් පාරක් ගැහුවෙ මේසෙ උඩ තිබුණු වීදුරුවක් පෙරලිලා බිමට වැටෙද්දි. ඒ සද්දෙත් එක්ක කලබල වුන ජිමින් ජංගුක් දෙන්නා මූණට මූණ බලාගනිද්දි ජින්ට තරහා ගියේ ටේහ්යොන්ග්ගෙ මුරණ්ඩු කම නිසා.

"අනේ මන්දා තමුන් නම්...... කිසි වගකීමක් නැහැ."

ටේහ්යොන්ග්ගෙ ඔලුවට ටොක්කක් ඇනපු ජින් කාමරේ දොර ඇරියෙ මෙච්චර වෙලා ඕපදූප හොය හොය හිටපු ජිමින් ජංගුක් දෙන්නා කාමරේ ඇතුලට වැටෙද්දි. කොල්ලො දෙන්නා දිහා බලලා ඇහිබැමක් උස්සපු ජින් තමන්ගෙ අත් පපුව හරහා බැඳගෙන සපත්තුවෙන් පොලොවට තට්ටු කරන්න පටන් ගත්තා.

"ආහ්...... ජින් හ්යොන්ග්. අපි මේ නැවට ගුල්ලො ගහලද කියලා බැලුවෙ. නේද ජිමිනා..... මේ දවස්වල හරියට ගුල්ලො අනේ. මේ අපේ ජිමිනාගෙ පෙට්ටියටත් ගුල්ලො ගහලා."

"ඇත්තට? එහෙනම් පොළොවෙ ආරක්ෂාවටත් එක්ක අලුතෙන් තීන්ත ගෑවා නම් හරි නේද ජංගුක්?"

"ඒකනෙ ඒකනෙ එහෙම කරන්න හ්යොන්ග්."

ජංගුක් තමන්ගෙ දත් ටික පෙන්නලා හිනා වෙද්දි කාමරෙන් එලියට ගිය ජින් ආයෙත් හැරිලා ආවෙ දෙයක් කියන්න තිබුණ නිසා.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now