Chapter 25

303 71 28
                                    


"ඔව් යුංගි...... මට ටේහ්යොන්ග් එක්ක තරහක් නැහැ. හැබැයි..... මට සර් කිම් සෝක් ජින් එක්ක තරහක් තියෙනවා."

"තමුන්ට මොකක්ද මාත් එක්ක ඔච්චරටම තියෙන තරහා?"

"තරහා...... තමුන් නිසයි මගේ අක්කා මැරුණෙ. තමුන් නිසයි එයාලව අහු වුනේ. මගේ අක්කා එලාට එහෙම දෙයක් වුනේ තමුන් නිසා."

එලී හයියෙන් කෑගහද්දි හැමෝම ඇස් ලොකු කරගෙන බලන් හිටියා. වැඩිහිටියො පවා එලීගෙ මේ හැසිරීම බලාපොරොත්තු වුනේ නැහැ. ඒත් ජින් ගොඩක් පසුතැවිලි වුණා එදා තමන්ගෙන් වුන වැරැද්ද ගැන. ඇත්තටම ජින්ට ඕන වුණේ නැහැ තමන්ගෙ එකම ආදරේ ඒ විදිහට මැරිලා යනවා බලන්න. ඒ මොනවා වුණත් ජින් අන්තිම මොහොතෙත් හරිම අසරණ කෙනෙක්. සමහරවිට තමන්ගෙ කණ්ඩායමේ අනිත් අය නොහිටින්න ජින් අදත් නිහඬව ඉඳියි. ටේහ්යොන්ග්ට උදව් කරන්නෙ නැතුවම.

"තමුන්ගෙ ඔය බියගුළු ඇස් වලින් මගේ දිහා බලනවා කිම් සෝක් ජින්. දැන්වත් තමුන්ට දැනෙනවද මගේ අක්කා විඳපු වේදනාව. හහ්..... දන්නවද? තමුන්ගෙ මල්ලිටත් ඒකම වුණා කියලා දැනෙද්දි මම තරම් සතුටු වුන කෙනෙක් නැතුව ඇති."

"කට වහගන්නවා එලී..... තමුන්ගෙ කට පරිස්සම් කරගන්නවා. ජින් හ්යොන්ග්ගෙ අතේ වරදක් නැහැ. ඒක වුනේ වැඩිහිටියන්ගෙ තීරණ නිසා. එදා එයාලා හ්යොන්ග්ව රැවැට්ටුවා."

ජිමින් කිව්වෙ ජින්ගෙ ඉස්සරහින් හිටගන්න ගමන්. කොල්ලාගෙ හිතේ ලොකු තරහක් තිබුණා. පලවෙනියටම තමන්ට වංචා කරපු එක. දෙවැනියට නිකරුනේ ජින්ට චෝදනා කරන එකට. ඇත්තටම ජින්ට පුළුවන් වුණා නම් එදා එලාව බේරගන්න..... කොල්ලා නිකං බලාගෙන ඉන්නෙ නැහැනෙ. ජින් ඒ වෙලාවෙ ඇත්තටම අසරණයි. 

"තමුන් මොන වගේ දෙයක්ද කරන්න හදන්නෙ එලී? කොහොමද තමුන්ට මේ දේවල් ගැන මෙච්චර දැනුමක්. ක්වීන්මෙයාර් ගැන ජින් හ්යොන්ග් වැඩිහිටියො කවුරුත් නොදන්න දේවල් ගොඩක් තමුන් දන්නවා. ඒ කොහොමද?"

ජංගුක් අහද්දි හයියෙන් හිනාවෙන ගමන් අහස දිහා බලපු එලී කෙලින්ම බැලුවෙ ජංගුක් දිහා. කලින්ට වඩා වියරු පෙනුමක් කෙල්ලගෙ ඇස් වල තියෙද්දි ජංගුක් ටිකක් ගැස්සුණා. ජංගුක් විතරක් නෙවෙයි අනිත් අයත්. මොකද ඒ වෙනකොටත් අඳුරෙන් වැහිලා තිබුණ පලාත පුරාවටම මූසල හුළඟක් හමාගෙන යන්න පටන් අරන්.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now