Chapter 19

308 84 46
                                    


නැව ග්‍රීන්ලන්ඩ් වලට යාත්‍රා කරන්න පටන් අරගෙන දින තුනක් ගත වුණා. හැමෝම බලාපොරොත්තු වුන විදිහටම ජේස් ඇතුළු පිරිසගේ විරෝධය එල්ල වුනත් එකපාරටම ඒ දේවල් නතර කරලා සාමකාමීව ඉන්න ජේස් තීරණය කරලා තිබුණා. මේක හැමෝගෙම හිතට ප්‍රශ්නයක් ගෙනාවත් ඊට වඩා ප්‍රශ්න ඕන තරම් තිබුණ නිසා කවුරුත් ඒ ගැන හිතන්න ගියේ නැහැ.

"සර්.........."

"මට ටේහ්යොන්ග් කියන්න යුෆාරා."

"ඒත්......."

"ඔයා දන්නවද මට මහ අමුත්තක් දැනෙනවා. හැමවෙලේම ඔයා ලඟින් ඉන්නකොට මට මහ අමුතු දෙයක් දැනෙනවා."

ටේහ්යොන්ග් හිටියෙ යුෆාරා එක්ක කතා කරන ගමන්. වෙලාව පාන්දර හතර විතර නිසා තාමත් අවට පැතිරිලා තිබුණ අඳුර ටේහ්යොන්ග්ව ආරක්ෂා කලා. නැවේ උඩ තට්ටුවට වෙලා හිටපු දෙන්නාගෙ අවධානය වෙනස් වුනේ එතනට ආපු අනිත් අය නිසා.

"අපි නැව ලඟම තියෙන භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් නවත්තනවා. හෝසෝක් ඉක්මනින්ම ඔය කියන පොත අරගෙන එන්න."

"හරි හ්යොන්ග්....."

ජින් කියද්දි ඔලුව වනපු හෝසෝක් නම්ජුන් එක්කම පාලන කුටියට යද්දි යුෆාරාගෙ අතින් අල්ලගත්ත ටේහ්යොන්ග් ජින් හිටපු තැනට ගියා. තව දවසකට අඩු කාලයකින් හැමෝටම ග්‍රීන්ලන්ඩ් වලට යන්න පුළුවන් වුනත් ඊට කලින් තවත් තැනක නැවතෙන්න ඔවුන් තීරණය කරලා තිබුණෙ නැහැ. මේක හදිස්සියේම ගත්ත තීරණයක්.

"හ්යොන්ග්...... ඇයි හදිස්සියේම නැව නවත්තන්නෙ?"

"හෝසෝක්ට එයාගෙ පරණ යාළුවෙකු ගෙන් අද ලියුමක් ආවා. එයා ක්වීන්මෙයාර් ගැන යම් තරමක දෙයක් දන්න කෙනෙක්. පරණ දේවල් ගැන විස්තර එයා දන්නවා. එයා කියන විදිහට නොට්ස්පොන් පුස්තකාලෙ ඔය ගැන විස්තර තියෙන පොතක් තියෙනවලු."

"හ්ම්...... ඒකෙන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් වෙයිනෙ."

පැය භාගයකට විතර පස්සෙ අවශ්‍ය කරන තැනින් නැව නතර වෙද්දි හෝසෝක් අවශ්‍ය පුස්තකාලයට ගියේ ජිමින් එක්කමයි. භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉඳලා පුස්තකාලයට පුංචි දුරක් විතරක් තිබුන නිසා වැඩි වෙලාවක් යන එකක් නැහැ. ටිකෙන් ටික එලිය වැටීගෙන එන්න පටන් ගනිද්දි හැමෝම නැව ඇතුලට ගිහින් පුස්තකාලයට වෙලා බලාගෙන හිටියෙ පොත අරගෙන හෝසෝක් ජිමින් දෙන්නා ආපහු එනකම්.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now