Chapter 17

270 71 47
                                    


"හ්යොන්ග්....... මට කියන්න දෙයක් තියෙනවා."

හෝසෝක්ගෙ කාමරේට දුවගෙන ආපු ජංගුක් හති අරිද්දි හෝසෝක් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. මේ වෙලාවෙ තමන් දැකපු දේ ගැන කියන්න හොඳම කෙනා හෝසෝක් කියලා ජංගුක් හිතුවෙ ටේහ්යොන්ග්ව බේරගන්න ඇත්තටම උනන්දුවක් තිබුණ කෙනෙක් වගේ පෙනුණෙ හෝසෝක්ව විතරක් නිසා.

"මොකක්ද ප්‍රශ්නෙ ජංගුක්?"

"මම දැක්කා යුංගි හ්යොන්ග්ගෙ කකුලෙ තුවාල කැලලක් තියෙනවා. එදා නැවෙන් පහලට පැනපු කෙනාගෙ පැත්තට මම විසික් කරපු ලී පෙට්ටිය. ඒක ඒ කෙනාගෙ කකුලෙ වැදුණ තැනමයි හ්යොන්ග්ගෙ තුවාලෙත් තියෙන්නෙ."

"වට්.....? ඒ කියන්නෙ මේකට යුංගිගෙ සම්බන්ධයක් තියෙනවා කියලද?"

හෝසෝක් කිව්වෙ තමන්ගෙ නලල එක අතකින් පිරිමදින ගමන්. මෙච්චර වෙලාවක් තමන්ගෙ සැකේ ලොකුවටම තිබුණෙ ජින් ගෙ පැත්තට වුනත් දැන් වුන දේත් එක්ක කෙලින්ම මේක යුංගිගෙ පැත්තට හැරුනා.

"එදා...... අපි උඩ ඉන්න වෙලාවෙ යුංගි හිටියෙ නෑ නේද?"

"නෑ හ්යොන්ග්.... අපි හැමෝම හිටියත් එතන යුංගි හ්යොන්ග් හිටියෙ නැහැ."

ජංගුක් වගේම හෝසෝක් දීර්ඝව කල්පනා කරන්න පටන් ගත්තෙ ටේහ්යොන්ග්ව බේර නොගෙන ඉන්න තරම් එයාලට තියෙන හේතුව මොකක්ද කියලා හිතාගන්න බැරුව. ඒත් එක්කම එතනට කඩාගෙන පැන්නෙ ජිමින්. 

"කට්ටිය....... අපිට ප්‍රශ්නයක්. කුණාටුවක් එනවා."

ජිමින් තමන්ට ඕන දේ කියපු ගමන්ම ඉස්සරහට දුවගෙන යද්දි ජංගුක් කලබලෙන් නැවේ උඩ තට්ටුවට දිව්වෙ මේ වෙලාවෙ ජින්ට උදව් ඕන නිසා. ඒත් එක්කම නැව පාලනය කරන්න දැනුමක් තිබුණ අනිත් තුන්දෙනාගෙන් කෙනෙක් විදිහට හෝසෝක් අල්මාරිය ලඟට ගිහින් ජීවිත ආරක්ෂක කබා තියෙන කුටියේ යතුර අරගත්තා. 

"හෝසෝක්..........."

වොෂ් රූම් එකේ ඉඳන් එලියට ආපු හසූයා කතා කරද්දි එලියට යන්න ගිය හෝසෝක් ඉක්මනින්ම කෙල්ල ලඟට ගියා.

"හසූයා..... එලියට එන්න එපා. ඇතුලටම වෙලා ඉන්න."

කෙල්ලගෙ නලලට කිස් එකකුත් දීපු හෝසෝක් එලියට යද්දි හසූයා කොල්ලා දිහාම බලන් හිටියා. කොල්ලා අහල පහලක නැහැ කියලා තහවුරු කරගත්ත හසූයා හෝසෝක්ගෙ අල්මාරිය ඇරලා කොල්ලාගෙ ලඟ තිබුන ක්වීන්මෙයාර් ගැන තියෙන පොත අතට ගත්තා. 

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now