Chapter 14

294 69 40
                                    


"යුෆාරා....... ඔයා ඇතුලෙද?"

වොෂ් රූම් එකේ දොරටත් තට්ටු කරපු ටේහ්යොන්ග් දොරට කන තියාගත්තෙ යුෆාරා ඇතුළෙ ඉන්නවද කියලා දැනගන්න ඕන නිසා. ඒත් කිසිම සද්දයක් නැති වෙද්දි ටේහ්යොන්ග් වොෂ් රූම් එකේ දොර ඇරලා බැලුවා. ටේහ්යොන්ග් බලාපොරොත්තු වුනා වගේම යුෆාරා එතනත් හිටියෙ නැහැ.

"ආශ්....... මේ කෙල්ල කොහේ ගිහින්ද?"

කාමරේ තිබුණ පුටුවකටත් පයින් ගහපු ටේහ්යොන්ග් බැලුවෙ මේසෙ දිහා. කොල්ලාගෙ ඇස් වලට එකපාරටම අහු වුනේ වතුර වීදුරුවක් යටින් පරිස්සමට තියලා තියෙන කොලයක්. කලබලේ නිසාම ටේහ්යොන්ග් ඉක්මනින්ම කොලේ අතට ගත්තා. කඩදාසිය දිග හැරලා බලද්දි යුෆාරාගෙ අත් අකුරු වලින් ලියපු ලියුමක් කොල්ලට දකින්න ලැබුණා.



සර් ටේහ්යොන්ග්,

මට සමාවෙන්න ඔයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් වුණාට. මම එහෙම නොවී ඉන්න ගොඩක් උත්සාහ කලා. ඒත් මම හිතන්නෑ මට තවදුරටත් මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. යන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා. සර් ටේහ්යොන්ග්ට සමහරවිට මේක වැදගත් වෙයි.

එදා මම සර් ජේස්ට ලෑම්ප් එකෙන් ගහපු දවසෙ රෑ මම හීනයක් දැක්කා. ඇත්තටම මම සර් ජේස්ට වුවමනාවෙන් එහෙම කලේ නැහැ. ඒත් මට මාව පාලනය කරගන්න බැරි වුණා වගේ. එදා මම දැක්කෙ ලස්සන තරුණ ගෑනු ළමයෙක්. එයා කවුද කියලා මට අදහසක් නැහැ. එයා ඇඳගෙන හිටියෙ එක්දාස් නවසිය ගණන් වල පරණ ඇඳුම්. මම දන්නෙ නැහැ මේවා වැදගත් වෙයිද කියලා. ඒත් යන්න කලින් මේක කියන්නම ඕන වුණා.

පරිස්සමින් ඉන්න සර් ටේහ්යොන්ග්.

යුෆාරා


යුෆාරාගෙ ලියුම අන්තිම වෙනකම් කියවපු ටේහ්යොන්ග් ලියුම අතින් පොඩි කරලා පැත්තකට විසි කලේ තරහින්. අඩියට දෙකට කාමරෙන් එලියට ආපු කොල්ලා කෙලින්ම දුවගෙන ගියේ නැවේ උඩ තට්ටුවට. කොරිඩෝ එක දිගේ දුවගෙන යද්දි අතු ගාන ගමන් හිටපු ජිමින්ගෙ ඇඟේ හැප්පුනත් ටේහ්යොන්ග්ට ඒක ගානක් ගියේ නැහැ. ඇඟේ හැප්පුන පාරට ජිමින් හිටියෙ සීතල පොළොවෙ වැතිරිලා.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now