Chapter 10

311 76 35
                                    


"අදින් පස්සෙ සතියක් යනකම් අපේ විදුහල්පති තුමා විශේෂ වැඩකට පිටත් වෙලා යනවා. ඒ කාලය ඉවර වෙනකම් හැමෝම තමන්ගෙ වැඩ ටික කරගෙන යන්න ඕන. මොකක් හරි විශේෂ දෙයක් තිබුනොත් ජින්ට කියන්න."

පාසලේ ගුරුතුමාගේ උපදෙස් අහගෙන හිටපු ශිෂ්‍යයන් පන්තියෙන් එලියට ගියේ විදුහල්පති තුමා පිටව යනවා බලන්න. පැරීසියේ ඉඳන් ඇවිත් දින දෙකක් යාත්‍රා කිරීමෙන් පසුව කුඩා බෝට්ටුවක් ආධාරයෙන් දැනට නැවේ හිටපු වැඩිහිටියන් පිටත් වෙද්දි ශිෂ්‍යයන්ගෙ වගකීම බාර වුනේ ජින්ට. හැබැයි හිතන තරම් ලේසියෙන් මේ වගකීම ගැන හිතන්න ජින්ට පුළුවන් වුනේ නැහැ.

මේ අතර පාඩම් කරන්නම වෙන් කරලා තිබුණ කාමරේ හිටපු ජේස් ඇතුළු පිරිස ටේහ්යොන්ග්ට අභියෝග කරන්න පටන් ගත්තා.

"දැන් උඹව බේරගන්න කවුරුත් නෑ ටේහ්යොන්ග්."

"උඹව බේරගන්න තමයි කෙනෙක් නැත්තෙ ජේස්. උඹ මට මොනවා කරන්නද ආආ?"

තරහින් රතු වුන ඇස් එක්ක ටේහ්යොන්ග් ජේස්ගෙ මූණ ලඟටම ලං වෙද්දි ජේස්ගෙ සහයකයෙක් වුන විල් යුෆාරාගෙ කොන්ඩෙන් ඇදලා තමන් ලඟට ගත්තා. කෙල්ලගෙ බෙල්ලෙ තිබුණු මාලෙ දිහා බලාගෙන හිටපු විල් කට කොනින් හිනාවෙන්න පටන් ගත්තා.

"ආආආආහ්..... මගේ කොන්ඩෙ අතාරිනවා....."

"මේක ගොඩක් වටින පාටයිනෙ කෙල්ලෙ. කොහෙන්ද මේක හම්බුනේ?"

විල්ගෙ අත් කෙල්ලගෙ බෙල්ලෙ එහෙමෙහෙ යද්දි යුෆාරා හිටියෙ අපහසුවෙන්. ඒත් එක්කම විල්ව පැත්තකට විසික් වෙලා ගියේ ටේහ්යොන්ග්ගෙ පා පහරක් නිසා. ටේහ්යොන්ග් කියන්නෙ රණ්ඩු වලට කොහොමත් දක්ෂ කෙනෙක්. හැබැයි මේ වෙලාවෙ කොල්ලට ඕන වුණේ යුෆාරාගෙ මාලෙ ගැන ඇත්ත හැමෝගෙන්ම හංගන්න.

"උඹට පැත්තකට වෙලා ඉන්නම බැරිද විල්.... අනුන්ගෙ වැඩ වලට හොට දාන්න එපා."

"ටේ..... සන්සුන් වෙන්න..... මුං එක්ක කතා කරලා වැඩක් නෑ. අපි යමු."

ටේහ්යොන්ග්ගෙ රණ්ඩුව දිගටම යයි කියලා බය වුන හෝසෝක් කොල්ලාව ඇදගෙන එලියට ගියේ ජිමිනුත් යුෆාරාව අරගෙන එලියට යද්දි. ඒත් එක්කම බිම හිටපු විල් නැගිට්ටෙ අතේ තිබුණ පුංචි මාළු කටුව දිහා බලන ගමන්. විල්ගෙ අතින් කටුව උදුරලා ගත්ත ජේස් සුදු රෙදි කෑල්ලක මාළු කටුව පිහදාලා බැලුවා.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now