Chapter 13

299 75 51
                                    


"අපි පොතේ අනිත් පිටුව හොයාගන්නෙ කොහොමද?"

"නම්ජුන් හ්යොන්ග් ගියා ඒ ගැන මොකක් හරි දැනගන්න. දැන් එයි ටේ. ඔය වගේ මූණ එල්ලගෙන ඉන්න එපා."

ජිමින් කිව්වෙ ඊයෙ දැනගත්ත දේත් එක්ක ටේහ්යොන්ග් ටිකක් අවුලෙන් හිටපු නිසා. පොතේ ඉතුරු පිටුව නැති නිසා ක්වීන්මෙයාර් ගැන ලියවිච්ච වෙන පොතක් හරි ඒ ගැන විස්තරයක් දැනගන්න ක්‍රමයක් හරි හොයන්න නම්ජුන් හෝසෝක් දෙන්නා එලියට ගියා. දැනටමත් නැව ලඟම තිබුණු තොටුපළක නවත්තලා තිබුණ නිසා නගරයට ගිහින් ඒ ගැන තොරතුරක් හොයන්නයි ඔවුන් තීරණය කලේ.

ජිමින් ජංගුක් දෙන්නම හිටියෙ ටේහ්යොන්ග් එක්ක පන්තියට වෙලා නම්ජුන්ලා එනකම් බලාගෙන. ඒත් තමන්ගෙ ජීවිතේට වෙන දේවල් එක්ක කොල්ලට වෙනදා වගේ ඉන්න බැරි වුනා. ටික වෙලාවකින් එතනට ආවෙ ජේස් ඇතුළු ඔහුගේ පිරිස.

"තමුසෙලා කොහොමද නැව තොටුපලේ නැවැත්තුවෙ ආආ? එහෙම කරන්න අවසර ලැබුණෙ කොහොමද තමුන්ලට?"

නම්ජුන් ඇතුළු පිරිස ඇත්තටම නැව තොටුපලෙන් නැවැත්තුවෙ වැඩිහිටියන්ගෙ අවසරයක් නැතුව. අවසර ගන්න ගියොත් මේ වැඩේ මීට වඩා දරුණු වෙන්න පුළුවන් කියලා තේරුන නිසා හැමෝම වැඩිහිටියන් දැනුවත් නොකරම වැඩ කරන්න තීරණය කළා. ඒත් ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ ජේස් ඇතුළු පිරිස තමයි. 

"බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්නවා ජේස්. අපි ජින් හ්යොන්ග්ගෙන් අවසර අරගත්තා. අනික ඔහේ ගෙන් අවසර ගන්නෙ මොකටද අපි?"

"ආආ.... එහෙමද? තමුන්ගෙ කට වැඩි වෙලා කොටෝ."

ජේස් ජිමින්ගෙ ඉස්සරහට පනින ගමන් කියද්දි ජංගුක් තමන්ගෙ ලඟ තිබුන කුණු කූඩෙ අතට ගත්තා. පොලොව සුද්ධ කරලා තාමත් විසි කරපු නැති කුණු වලින් පිරුණු කුණු කූඩෙ ජේස්ගෙ ඔලුවට හලපු ජංගුක් අත් දෙක පිහදාගත්තා.

"කුණු ගඳක් එනවා නේද ජිමින්? කොහේ හරි නාපු නැති කපුටෙක් වත් ඉන්නවද දන්නෑ?"

"මං උඹ ගැන පස්සෙ බලාගන්නම් ජංගුක්."

තමන්ගෙ ඇඳුම් ගසන ගමන් පන්තියෙන් එලියට යන ජේස් දිහා කොල්ලො ටික බලන් හිටියෙ හිනාවෙන ගමන්. කොච්චර රණ්ඩු වුනත් අනිත් කෙනාට කරදරයක් වෙද්දි පෙනී සිටින පුරුද්දක් ඔවුන් හැමෝටම තිබුණා. මේ අතර පොත ගැන විස්තරයක් හොයාගත්ත නම්ජුන් හෝසෝක් දෙන්නා පන්තියේ තිබුණ බෙන්ච් එකකින් වාඩි වුණා.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now