Chapter 11

307 78 46
                                    


ටේහ්යොන්ග් හිටියෙ සෝෆා එකට හේත්තු වෙලා කල්පනා කරන ගමන්. එකපාරටම තමන්ගෙ බෙල්ලෙන් මතු වුන සලකුණු ගැන කොල්ලට තිබුණෙ මහ අමුතු හැඟීමක්. ඒවායින් තමන්ට වේදනාවක් දැනුණෙ නැහැ කියලා විතරයි ටේහ්යොන්ග් මේ වෙනකොට දන්නෙ. ටේහ්යොන්ග්ගෙ ලඟට ආපු යුෆාරා ඒ ලඟ තිබුන පුටුවෙන් ඉඳ ගනිද්දි එකපාරටම කෙල්ලගෙ පැත්තට හැරුණු ටේහ්යොන්ග් කෙල්ලගෙ අත් දෙකෙන් අල්ලගත්තා.

"මගේ බෙල්ල දැන් කොහොමද? තාමත් ඒවා තියෙනවද?"

"නැහැ සර් ටේහ්යොන්ග්..... ඒවා දැන් මැකිලා ගිහින්."

යුෆාරා කියද්දි තමන්ගෙ ඔලුව වනපු ටේහ්යොන්ග් ජනේලෙ දිහා බැලුවෙ වෙලාව ගැන අදහසක් නැති නිසා. 

"දැන් වෙලාව කීයද?"

"තාම උදේ.... වෙලාව දහයයි."

රෑ ඉඳන් තමන් ගොඩක් වෙලා යනකම් විවේක ගත්තා කියලා දැනෙද්දි ටේහ්යොන්ග්ට හරිම නුහුරු දෙයක් දැනුණා. මීට කලින් කවදාවත් කොල්ලා මේ විදිහට ඉඳලා නැහැ. කොයිතරම් වැඩ කලත් මහන්සියක් නොදැනුණු ටේහ්යොන්ග් අද හිටියෙ මැලවිලා ගිහින්. හරියට කොල්ලට මොකක් හරි අසනීපයක් හැදිලා වගේ. යුෆාරා ගෙනත් තිබුන උදේ කෑම ගත්තට පස්සෙ ටේහ්යොන්ග් ලෑස්ති වුණේ පන්තියට යන්න. ඉගෙන ගන්න දේවල් වලට හිතේ නිදහසක් නොතිබුණත් මේ වෙච්ච දේ ගැන දැනගන්න ඔහුට ඕන වුණා. හැබැයි ඇත්තටම ඒ ගැන දැනගන්න ඕන වුන එකම කෙනා ඔහු නෙවෙයි.

මුළු රෑම තමන්ගෙ ව්‍යාපෘතියෙ වැඩ එක්ක හිරවෙලා හිටපු හෝසෝක් වෙනසකටත් එක්ක ග්‍රීන් ටී එකක් බීලා බලන්න හිතුවා. වෙනදට ලේ වල රසය විතරක් හොඳයි කියලා හිතාගෙන හිටපු ඔවුන් ටිකෙන් ටික මිනිස් කෑම වලටත් හුරු වෙන්න පටන් අරන්.

තේ කෝප්පය පුස්තකාලයේ මේසෙ උඩින් තියපු හෝසෝක් ව්‍යාපෘතියට ඕන තව දේවල් හොයන්න පටන් ගත්තා. පොත් රාක්ක අතරින් තමන්ට අවශ්‍ය මාතෘකාව හොයාගත්ත කොල්ලා ආපහු මේසෙන් වාඩි වුණේ පොත කියවන්න පටන් ගන්න. මේ වෙලාවෙ පුස්තකාලෙ හිටියෙ හෝසෝක් විතරයි. අනිත් හැමෝම නැව පිරිසිදු කරන වැඩ වලට ගිහින් තිබුණ නිසා හෝසෝක් තනියම තමන්ගෙ වැඩ පටන් ගත්තා.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now