Last Chapter

465 79 63
                                    


හැමෝගෙම ඉස්සරහට ආපු ඇන්ජුලිසා රැජිණිය කියාගන්න බැරි තරම් ලස්සන කෙනෙක්. ඕනම කෙනෙකුගෙ හිත ගස්සන්න තරම් හරිම ලස්සන පෙනුමක් ඇයට තිබුණා. පැරණි ප්‍රංශ හුරුවක් තියෙන ඇඳුමකින් සැරසිලා හිටපු රැජිනිය ටේහ්යොන්ග්ගෙ දිහා බලලා හිනා වුනා. ඇත්තටම කොල්ලට තේරුම් ගන්න පුළුවන් වුන එක දෙයක් තිබුණා. ඇන්ජුලිසා රැජිණිය තමයි තමන් කලින් දවසක හීනෙන් දැක්කෙ කියලා.

"මම ඔයාව තමයි එදා හීනෙන් දැක්කෙ."

"විලියම්........."

ඇන්ජුලිසා රැජිණිය ටේහ්යොන්ග්ගෙ දිහා බලලා කතා කලත් කොල්ලට ඒ නම නුහුරු වුණා.

"මම විලියම් නෙවෙයි..... මේ ඉන්නෙ විලියම්."

"මෝඩ ටේයියා..... ඔය කියන්නෙ අපේ සර් විලියම් ගැන නෙවෙයි. විලියම් කාර්ලස් රජතුමා ගැන. ඇන්ජුලිසා රැජිණියගෙ කොල්ලා."

ජංගුක් මහ හයියෙන් කෑගහලා කියද්දි ජිමින් ජංගුක්ගෙ කකුල හයියෙන් පෑගුවෙ ආත්ම එක්ක විහිලු කරන එක ඒතරම් නුවණට හුරු නැති නිසා.

"අදවත් තමුන්ගෙ හැකර කට වහගෙන ඉන්නවා කුකියා."

"හරි හරි ඉතින් ඕකට කකුල පාගන්න ඕන නෑනෙ."

ජිමින් ජංගුක් දෙන්නාගෙ රණ්ඩුව ඉවර වුනාට පස්සෙ හැමෝම බැලුවෙ ටේහ්යොන්ග් වගේම ඇන්ජුලිසා රැජිණියගෙ ආත්මය දිහා. රැජිනිය තාමත් ටේහ්යොන්ග්ව නිරීක්ෂණය කරනවා. කොල්ලාගෙ මූණ පුරාම ඇස් අරගෙන ගිය ඇන්ජුලිසා රැජිණිය හිනා වුනා. දැන් ලොකු කාලයක් ගත වෙලා තිබුණත් ඇයගේ හිනාව ඕනම පිරිමි කෙනෙක්ව වශී කරගන්න සමත් වුණා. ඒකට සාක්ෂි ඕන නම් දැනටමත් කට ඇරගෙන ඇන්ජුලිසා රැජිණිය දිහා බලාගෙන ඉන්න ජංගුක් හොඳ උදාහරණයක් වේවි.

"ඇයි ඔයාට මාව මතක නැත්තෙ විලියම්? අපිට එකතු වෙන්න බැරි වුනත් මම ඔයා ආපහු එනකම් බලාගෙන හිටියා."

"මොනවද මේ කියන්නෙ? මට මොකුත්ම තේරෙන්නෑ."

ඇන්ජුලිසා රැජිණිය අඩියක් දෙකක් ඉස්සරහට තියද්දි ටේහ්යොන්ග් පස්සට වුනේ රැජිනිය ලඟට යන්න වුවමනාවක් කොල්ලට නොතිබුණ නිසා. ඒත් එක්කම ඉස්සරහට ආව පූජකවරිය අනිත් අයටත් මේ දේ ගැන පැහැදිලි කරන්න පටන් ගත්තා.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now