Chapter 6

319 75 32
                                    


පහුවෙනිදා රාත්‍රිය වැම්පයර් පාසලේ සිසුන් තම තමන්ගෙ ව්‍යාපෘති වැඩ වලට කාර්යබහුල වෙමින් හිටියා. දවල් දවසම හොඳ විවේකයක් ලබාගත්ත ඔවුන් තම තමන්ට නියමිත වුන මාතෘකා වලට අවශ්‍ය කරුණු හොයන්න පුස්තකාලයට එකතු වුනා. පුස්තකාලය ඒතරම් ප්‍රිය නොකරපු අනිත් සිසුන් පොත් අරගෙන තම තමන්ගෙ කාමර වලට වැදෙද්දි අපේ කතා නායකයන් පිරිස නම් පුස්තකාලය වඩාත් හොඳ අධ්‍යයන ස්ථානයක් විදිහට හඳුනා ගත්තා. විශේෂයෙන්ම මින් යුංගි.

"ඔය තහනම් පොත් කියවන එක නවත්තලා මට ටිකක් උදව් කළොත් මොකද යුංගි?"

"ඔය පිස්සු රටවල් ගැන හොයනවට වඩා හැංගිච්ච රහස් ගැන හොයන එකේ ගතියක් තියෙනවා නම්ජුනා."

යුංගි කිව්වෙ පොත් රාක්කයක පහල තට්ටුවට කකුල තියලා උඩම තට්ටුවේ තියෙන පොතක් ගන්න උත්සාහ කරන ගමන්. කවුරු පුස්තකාලයට අකමැති වුනත් යුංගි නම් හැමදාම වුනත් හැංගුණු රහස් හොයන්න මෙතනට එයි. 

යුංගිට කියන එක තේරුමක් නැහැ කියලා තේරුණු නම්ජුන් ඔලුව දෙපැත්තට වනලා තමන් බල බල හිටපු සිතියම් වලට අවධානය දුන්නා. මේ අතර පොත් රාක්ක අතරින් තමන්ගෙ වැඩේට ඕන කරන විදිහෙ පොතක් හොයාගත්ත හෝසෝක් වාඩි වුණේ ජංගුක්ට ඉස්සරහින්. 

ඔව් ඔව්..... මුල ඉඳලම මෙතන ජංගුක් තමන්ගෙ වැඩ කරගෙන හිටියත් කතාවක් බහක් නොකර නිශ්ශබ්දව හිටියෙ වැඩ කරන වෙලාවට ඒකට හොඳින්ම අවධානය යොමු කරන පුරුද්දක් ජංගුක්ට තිබුණු නිසා. තමන්ගෙ පොත මේසෙන් තියාගත්ත හෝසෝක් පොත දිගේ තමන්ගෙ ඇඟිල්ලක් අරගෙන ගිහින් මූණ අකුලවගත්තෙ පොතේ ඒතරම්ම දූවිලි ගොඩක් තිබුණු නිසා. පොතේ තිබුණු දූවිලි ටික අයින් වෙන්න කියලා පොතට පිම්බත් තමන්ගෙ ඉස්සරහින් තව කෙනෙක් ඉන්නවා කියලා හෝසෝක්ට අමතක වුනා.

"කැහ් කැහ්....... ආහ්...... මොකක්ද හ්යොන්ග් කරන්නෙ?"

"ඕහ්...... සොරි කුකියා..... මට ඒක එච්චර ගානක් ගියේ නෑ. අනික අද සයිලන්ට් එකේ ඉන්නකොට මට ඔයා ඉන්නවා කියලත් අමතක වුනා."

"ඇත්තටම කෝ ජිමින්?"

එකපාරටම මතක් වුන දෙයක් නිසා නම්ජුන් අහද්දි තමන්ගෙ සටහන් ලියන ගමන් හිටපු ජංගුක් මූණ නරක් කරගත්තා. හැමෝම දන්නවා ජංගුක් සටහන් ලියන වැඩ වලට කොයිතරම් අකමැතිද කියලා. එහෙම වෙලත් ජිමින් කොල්ලව තනියම වැඩ කරන්න දාලා ගිය එක ගැන නම් හැමෝටම තිබුණෙ ලොකු පුදුමයක්.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now