Chapter 23

283 76 36
                                    


"මෙයා වැම්පයර් කෙනෙක් නෙවෙයි. මාව විශ්වාස කරන්න."

"අපි හොඳටම දැක්කා මේ කොල්ලගෙ අතට ශුද්ධ වූ ජලය ඉහිනකොට මේ කොල්ලා කෑගහනවා."

ටේහ්යොන්ග්වයි යුෆාරාවයි අල්ලගත්ත මිනිස්සු කණ්ඩායම උත්සාහ කලේ ටේහ්යොන්ග්ට අනතුරක් කරන්න. ඒත් යුෆාරා තදින්ම ටේහ්යොන්ග් මනුස්සයෙක් කියලා කියපු නිසා මිනිස්සුන්ගෙ විශ්වාසය තරමක් පළුදු වුණා. ටේහ්යොන්ග් කලින් හැසිරුන විදිහත් එක්ක මිනිස්සුන්ට කොල්ලා ගැන විශ්වාසයක් ඇති වුනේ නැහැ.

"උඹලා වැම්පයර්ස්ලා නෙවෙයි නම් මොකටද අපි දැක්කම දිව්වෙ?"

"අපි..... අපි මේ ගෙදරින් පැනලා යන ගමන්. ඒකයි.... ඔයාලා එකපාරටම කෑගැහුවම අපි බය වුනා."

ටේහ්යොන්ග් කිව්වෙ තමන් කලබල වෙලා කියලා නොපෙන්වා ඉන්න ලොකු උත්සාහයක් ගන්න ගමන්. ඒත් එකපාරටම ඒ දෙන්නාගෙ වචන විශ්වාස කරන්න මිනිස්සු ලෑස්ති වුණේ නැහැ.

"අපි එහෙනම් පරීක්ෂා කරලා බලමු. ශුද්ධ වූ ජලය අරගෙන එන්න."

තවත් මනුස්සයෙක් ශුද්ධ වූ ජලය දාපු බෝතලයක් අරගෙන යුෆාරා ලඟට ලං වුනා. කෙල්ල තමන්ගෙ අත් ඉස්සරහට දිගු කරද්දි ඒ වතුර වලින් ටිකක් කෙල්ලගෙ අතට දාපු මිනිස්සු බලාගෙන හිටියා. කිසිම වෙනසක් නැති වෙද්දි මිනිස්සු විශ්වාස කලා යුෆාරා කියන්නෙ මනුස්සයෙක් කියලා. ඒත් ටේහ්යොන්ග්? කොල්ලා කොහොමද මේ පරීක්ෂණයට මුහුණ දෙන්නෙ. 

යුෆාරා ටේහ්යොන්ග්ගෙ දිහා තමන්ගෙ අත් එකට ගුලි කරගෙන බලාගෙන හිටියා. මේ ශුද්ධ වූ ජලයෙන් කොල්ලව විනාශ වෙලා යයි. ඒත් මොනවා කරන්නද? එන දේකට මුහුණ දෙන්න වෙනවා. ටේහ්යොන්ග් තමන්ගෙ අත් දිගු කරද්දි ශුද්ධ වූ ජලය ටිකෙන් ටික කොල්ලාගෙ අත් අතරට වැටුණා. ටේහ්යොන්ග් තමන්ගෙ ඇස් දෙක තදින් පියාගත්තෙ තමන් ගැනම විශ්වාසයක් නැති නිසා.

"මෙයාලා කියන්නෙ ඇත්ත.... මේ ඉන්නෙ මිනිස්සු."

එතන හිටපු එක මනුස්සයෙක් කියද්දි ටේහ්යොන්ග් හෙමින් සැරේ ඇස් ඇරියා. යුෆාරාත් කොල්ලා දිහා බලන් හිටියෙ විශ්වාස කරගන්න බැරි බවකින්. ඇත්තටම ශුද්ධ වූ ජලයෙන් ටේහ්යොන්ග්ට කිසිම අනතුරක් වුනේ නැහැ. ටිකකින් ඒ මිනිස්සු දෙන්නව අතෑරලා යද්දි ටේහ්යොන්ග් යුෆාරා දෙන්නා ආපහු තමන් හිටපු කඩ පේලිය ලඟට ගිහින් අශ්වයාව අරගෙන ආවා. ඉක්මනින්ම මෙහෙන් පිට වෙන එක හොඳයි.

Wish For Queenmare || KTH ✓Tempat cerita menjadi hidup. Temukan sekarang