Chapter 3

352 81 26
                                    


වැම්පයර් පාසලේ ඉගෙන්වීම් කටයුතු අවසන් වුනාට පස්සෙ හැමෝම හිටියෙ කෑම ගන්න තියෙන තැන. විශාල දිගු මේස එක්ක තිබුණු තරමක් අවන්හලක ස්වභාවයක් ගත්ත එතන විවිධ වර්ගයේ ආහාර තිබුණා. ඒත් වැම්පයර් වරුන්ගේ ප්‍රධාන ආහාරය වුනේ රුධිරය බව රහසක් නොවෙයි.

මිනිස් රුධිරය ලබාගැනීම ඒතරම් පහසු නොවන නිසා වගේම හිංසාකාරී නොවුන වැම්පයර් වරුන්ට මිනිස් ජීවිත වලට හානියක් කරන්න ඕන වුණේ නැති නිසා ඔවුන් සත්ව රුධිරය භාවිතා කලා. ඒ වගේම දීර්ඝ කාලීනව මිනිස් වාසය තුල සිටිය නිසා බොහෝ වැම්පයර් වරුන් සුළු වශයෙන් මිනිස් ආහාරත් ලබාගත්තේ පාසලේ නියෝගයකට අනුව. රුධිරයට වගේම අනිත් දේවල් වලටත් පුරුදු වෙන එක වැදගත්.

කෑම කන ශාලාවට ආපු ටේහ්යොන්ග් දිගු මේසයක තිබුණු පුටුවකින් වාඩි වෙද්දි ජංගුක් සහ ජිමින් දෙදෙනාත් ශාලාවට ඇතුල් වුනා. ජංගුක් ටේහ්යොන්ග් සිටින තැනටම යද්දි ජිමින් ගියේ ආහාර පිලිගන්වලා තියෙන බඳුන් ලඟට.

"කොහෙද යුෆාරා?"

"මගේ සපත්තු මදිනවා."

ජංගුක් අහපු ප්‍රශ්නයට ටේහ්යොන්ග් උත්තර දුන්නෙ ජිමින් එවපු ඇපල් ගෙඩිය තනි අතකින් අල්ලගෙන කොටසක් කඩලා කන ගමන්.

"දැන් කෑම වෙලාව ටේ..... එයාටත් මෙතනට එන්න කියන්න."

ජිමින් කිව්වෙ තමන්ගෙ කෑම එක අරගෙන මේසෙන් ඉඳගන්න ගමන්. තමන්ගෙ අප්පාගෙ කීමට කෙල්ලව නවත්ත ගත්තත් වැඩ ගන්නවා ඇරෙන්න කෙල්ල ගැන හොයලා බලන්න ටේහ්යොන්ග්ට ඕන වුණේ නැහැ. ඒත් එක්කම ශාලාවට ඇතුල් වුනේ අනිත් වැම්පයර් ශිෂ්‍යයන්.

"කෑම අරගෙන එන්න."

වැම්පයර් පාසලේ උසස් හැකියාවක් තිබුණු ශිෂ්‍යයන් තිදෙනෙකු වන නම්ජුන්, යුංගි සහ හෝසෝක් එක මේසෙකින් ඉඳගත්තෙ තමන් එක්ක ආපු සේවිකාව හසූයාට කෑම අරගෙන එන්න කියන ගමන්. වැම්පයර් වරුන් අතර ධනවත් ලෙස සලකපු අයට සේවක සේවිකාවන් සිටින එක සාමාන්‍ය දෙයක් වුනා. ඒ නිසාමයි යුෆාරා ගැන දැනගත්ත ජංගුක් ජිමින් දෙන්නා ඒ ගැන පුදුම වුනේ නැත්තෙ.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now