Chapter 22

287 72 42
                                    


මුළු රෑම එකදිගට ගමන් කළ නිසා ටේහ්යොන්ග් යුෆාරා දෙන්නම උදේ වෙද්දි සෑහෙන දුරක් ඇවිත් තිබුනා. තවත් නගරයකට ලං වෙද්දි යුෆාරා හිටියෙ මහන්සියටත් එක්ක ටේහ්යොන්ග්ගෙ පපුවට හේත්තු වෙලා නිදාගෙන. ඉස්සර වගේ කෙල්ලට නපුරුකම් කරන්න ටේහ්යොන්ග්ට ඕන වුණේ නැහැ. යුෆාරා ගැන ටිකෙන් ටික කැමැත්තක් ඇති වේගෙන එනවා කියලා විතරයි ටේහ්යොන්ග් දන්නෙ.

"යුෆාරා........"

"ම්ම්........ හ්ම්......."

"දැන් නැගිටින්න. අපි උදේ කෑම අරගෙන ඉතුරු ටික යන්න ඕන."

ටේහ්යොන්ග් කෙල්ලගෙ කොන්ඩෙ අතරින් තමන්ගෙ ඇඟිලි යවන ගමන් කියද්දි යුෆාරා තව තවත් කොල්ලාට තුරුළු වුණා. දෙමව්පියන් නැති වුනාට පස්සෙ මෙහෙම හරි කෙල්ලව බලාගන්න කවුරුත් හිටියෙ නැහැ. නින්දෙන්ම ටේහ්යොන්ග්ට තුරුළු වුනත් ඒ හිටියෙ ටේහ්යොන්ග් කියලා මතක් වුන ගමන්ම කෙල්ල එතනින් ඈත් වුණා. පොඩ්ඩක් එහා මෙහා වුනා නම් කෙල්ල අශ්වයාගෙ පිටෙන් බිම.

"මොකද ආආ? මට බෝවෙන ලෙඩක් නෑ ඔච්චර බයවෙන්න."

අශ්වයාගෙ පිටෙන් බැහැපු ටේහ්යොන්ග් කිව්වෙ කෙල්ලවත් පහලට ගන්න ගමන්. අශ්වයාවත් අරගෙන දෙන්නම නගරය ඇතුලට ගියේ ගොඩ වෙලාවකින් දෙන්නම කිසිම දෙයක් කාලා තිබුණෙ නැති නිසා. ටේහ්යොන්ග් නතර වුනේ උණුම උණු පාන් තියෙන කඩයක් ලඟ. ටේහ්යොන්ග් කෑම ගන්නකම් යුෆාරා වටපිට බලන ගමන් හිටියෙ අලුත් නගරයේ දේවල් අලුත් වුන නිසා.

"ආශිර්වාද වේවා! යක්ෂ දෝෂ වලින් අපගේ නගරය ආරක්ෂා වේවා!"

එකපාරටම ඒ පැත්තට එන්න පටන් ගත්තෙ පූජකයො පිරිසක්. සුදු පාට ඇඳුම් ඇඳගෙන හිටපු ඔවුන් පල්ලියේ වන්දනා කරන පිරිසක් වගේත් පෙනුනා. ඒක නෙවෙයි වැදගත්ම දේ. ඔවුන් ලඟ තිබුන පුංචි බෝතලයකින් හැම තැනටම ශුද්ධ වූ ජලය ඉසින ගමනුයි ඔවුන් ගමන් කලේ. අවාසනාවකට යුෆාරාවත් ටේහ්යොන්ග්වත් ඒක දැක්කෙ නැහැ. 

"ආශ්.......... ස්ස්........"

ටේහ්යොන්ග්ලා හිටපු පැත්තට ආපු පූජකයො ඉහපු ශුද්ධ වූ ජලයෙන් ටිකක් ටේහ්යොන්ග්ගෙ අතට වැටෙද්දි කොල්ලා වේදනාවෙන් අත ගසලා දැම්මා. ඒත් එතන හිටපු පූජකයන්ගෙ වගේම සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ඇස් තිබුණෙ ටේහ්යොන්ග් ලඟ.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now