Chapter 20

279 75 21
                                    


"තව කණ්ඩායම් දෙකක් ගෙන්නන්න. කොහොම හරි උන්ව අල්ලගන්න ඕන. තමුන්ලා සේරම නැවෙන් එලියට ගිහින් බලනවා."

ටේහ්යොන්ග් යුෆාරා දෙන්නා නැවෙන් පැනලා ගිය වෙලාවෙ ඉඳන් එතන තත්වය ගොඩක් කලබලකාරී වුණා. වැඩිහිටියො ලෑස්ති වුණේ ඉක්මනින්ම ටේහ්යොන්ග්ව අල්ලගන්න. අලුත් සෙබළ කණ්ඩායම් ගෙන්වන අතරෙ නැව ආයෙමත් තොටුපලෙන් නවත්තන්න තීරණය වුණා. ජින් ඇතුළු පිරිසත් හිටියෙ කරගන්න දෙයක් නැතුව. ටේහ්යොන්ග්ව බේරගන්න තිබුණ අවස්ථාව ටිකෙන් ටික නැති වෙලා යනවා වගෙයි ඔවුන්ට දැනුණෙ.

"දැන් නම් මේක පිස්සුවක් වගේ. ටේ කොහෙට යන්න ඇතිද?"

"එයා අනිවාර්යයෙන්ම ගොඩබිමට යන්න ඇති ජංගුක්. මම හිතන්නෙ එයාලා පුළුවන් තරම් හැංගිලා ඉන්න ඕන."

ජින් කිව්වෙ නැවේ එහෙට මෙහෙට කලබලෙන් දුවන සෙබළු දිහා බලාගෙන. මේ වෙනකොට ටේහ්යොන්ග් යුෆාරා දෙන්නට අයිති දේවල් වල ඉඳන්ම පරීක්ෂා කරන්න පටන් අරගෙන තිබුණා. වැඩිහිටියන්ට ඕන වුණේ කලාතුරකින් ලැබෙන විශාල බලයත් එක්ක ටේහ්යොන්ග්ව ඉහලම තැනක තියන්න. ඒත් ටේහ්යොන්ග්ට ඕන කරේ සාමාන්‍ය ජීවිතයක් විතරයි.


********************


"කැහ්...... කැහ්....... කැහ්...... ආහ්...... කැහ්......"

වැල්ලෙ වැතිරිලා හිටපු යුෆාරා කහින්න පටන් ගත්තෙ කෙල්ලගෙ නහයට වගේම කට ඇතුලටත් වතුර ගිහින් තිබුණ නිසා. ටිකෙන් ටික ඇස් ඇරගත්ත යුෆාරා තමන්ගෙ මූණ අතකින් වහගත්තෙ දැඩි හිරු රශ්මියක් තමන්ගෙ මූණට වැටුණ නිසා. හොඳට ඉර පායලා තියෙද්දි තමන්ට වෙච්ච දේ ටිකෙන් ටික කෙල්ලගෙ මතකෙට ආවා. ඒත් එක්කම කෙල්ල කලබලෙන් වගේ නැගිට්ටෙ ටේහ්යොන්ග්ව මතක් වුන නිසා. 

"ටේ.............."

තමන්ගෙ තෙත ඇඳුම් වල තිබුණු වැලි අතින් පිහදාලා දාපු කෙල්ල ටිකක් ඉස්සරහට ගියා. කෙල්ලගෙ ඇස් ගියේ පඳුරක් අස්සට වෙලා ඔලුව දණිස් දෙක අස්සෙ ගහගෙන ඉන්න කෙනෙක් ලඟට. ඒ ටේහ්යොන්ග් කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now