Chapter 8

311 74 14
                                    


ව්‍යාපෘතිය පටන් ගත්ත දවසෙ ඉඳන් හැමෝම හිටියෙ තමන්ගෙ වැඩත් එක්ක කාර්යබහුල වෙලා. ඒ නිසාම ඉතුරු දවස් දෙකක විතර කාලය ගත වෙලා යනවා වත් දැණුනෙ නැති තරම්. මේ අතර ටේහ්යොන්ග් හිටියෙ දවල් කෑම බෙදාගන්න ගමන්. ජිමින් ජංගුක් දෙන්නටත් කලින්ම කෑම ගන්න ශාලාවට ආපු කොල්ලා පිඟානකට බෙදාගත්තෙ මිනිස් කෑම. වෙලාවෙන් වෙලාවට නතර වෙන ගමන් කල්පනා කරමින්ම කෑම බෙදාගන්න කොල්ලා දිහා අනිත් අය බලාගෙන හිටියෙ පුදුමෙන්. විශේෂයෙන්ම කොල්ලා ගැන හොඳටම දන්න ජංගුක් ජිමින් දෙන්නා.

"උඹ මොකෝ මේ දැන් ලඟකදි ඉඳලා මිනිස් කෑම කන්න පටන් අරන්?"

ජංගුක් ඇහුවෙ ටේහ්යොන්ග්ගෙ පිටිපස්සෙන් එබෙන ගමන්. සැන්ඩ්විච්, සැලඩ්, බත්, එළවලු වගේම පලතුරු වර්ගත් කොල්ලාගෙ පිඟාන පිරෙන්නම තිබුණා.

"වෙනදට උඹ කන්නෙ ඇපල් විතරනෙ. අනිත් මිනිස් කෑම කටේ වත් තියපු නැති එකා මොකද මේ එකපාරටම මිනිස් කෑම කන්නෙ?"

ජිමිනුත් ජංගුක්ටම එකතු වෙද්දි ටේහ්යොන්ග්ට හිතුනෙ අපරාදෙ තමන් මෙතනට ආවෙ කියලයි. යුෆාරාට ඕන විදිහෙ කෑම අරගන්න කොල්ලා ලඟකදි ඉඳන් පුරුදු වෙලා තිබුණා. මුලදි නම් යුෆාරාට ඒ කෑම නිසා විහිළු කරපු කොල්ලා දැන් ටික ටික ඒ කෑම වලටත් කැමති වෙන්න පටන් අරගෙන. ඒ කෙසේ වෙතත් දැන් කෑම එක නම් කොල්ලා අරගත්තෙ යුෆාරා වෙනුවෙන්.

"මේක මට නෙවෙයි..... යුෆාරාට?"

"වට්...? කුකා..... මාව කොනිත්තන්න. නෑ එපා උඹට කොනිත්තන්න කිව්වොත් මගේ සුසිනිදු සම ඉවරයි. ඇත්තටම ටේ උඹ එයාට හොදින් සලකන එක ලෝකෙ අටවෙනි පුදුමෙ වගේ."

ඇස් දෙකත් ලොකු කරගත්ත ජිමින් කියද්දි පුංචි හිනාවක් දාපු ටේහ්යොන්ග් කෑම එකත් අරගෙන කාමරේ පැත්තට ගියේ කෑම ගන්න ශාලාව දැන් පාවිච්චි වෙනවා ගොඩක් අඩු නිසා. ඒත් එක්කම ජංගුක් ජිමින් දෙන්නත් ආවා. ටේහ්යොන්ග් කෙල්ලෙක් වෙනුවෙන් කෑම අරගෙන යන එක ගැන තාම අනිත් දෙන්නට පුදුමයි.

"යුෆාරා....... මම කෑම ගෙනාවා."

කෑම එක මේසෙ උඩින් තියපු ටේහ්යොන්ග් කාමරේ හැමතැනම හෙව්වත් යුෆාරා එතන හිටියෙ නැහැ. 

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now