Chapter 9

311 71 30
                                    


"හේයි...... හේයි ඔහොම ඉන්නවා......."

"ඇයි මොකද ආආ?"

"කවුද තමුන්...... ජංගුක්ද?"

"එතකොට තමුන්........ ටේ?"

ජංගුක් වගේම ටේහ්යොන්ග් දෙන්නට දෙන්නා මූණ බලාගෙන ඉන්න පටන් ගත්තා. දවල් වෙලාවක් වුනත් දෙන්නම අද හිටියෙ එලියෙ. නිකං නෙවෙයි නැවෙන් එලියෙ තියෙන පැරිස් නගරයේ ඇවිදින ගමන්. වැඩිය නගරය ඇතුලට නොගියත් දෙන්නම දැන් හිටියෙ නීති කඩ කරලා. 

ටේහ්යොන්ග් ලොකු කළු පාට කුඩයක් ඉහලගෙන ඉඳිද්දි ජංගුක් හිටියෙ මුළු ඇඟම වැහෙන කළු පාට කබායක් පැළඳගෙන. කොල්ලාගෙ මූණ විතරක් පාර පේන විදිහට හදලා තිබුණත් අනිත් සේරම හොඳටම වැහිලා තිබුණා. තමන්ගෙ කබායත් ඒතරම් ආරක්ෂාකාරී නැහැ කියලා හිතුන ජංගුක් ටේහ්යොන්ග්ගෙ කුඩේ ඇතුලට රිංග ගත්තෙ කොල්ලාගෙ අතින් අල්ලගන්න ගමන්මයි.

"ඒයි ඒයි..... අතින් අල්ලන්න එපා. වටේ පිටේ මිනිස්සු හිතයි කපල් එකක් කියලා."

"ඕන දෙයක් හිතා ගත්තදෙන් බ්‍රෝ අපි දැන් ආපු වැඩේට යමුකො."

ජංගුක් කියද්දි යන්තං ඔලුව වනපු ටේහ්යොන්ග් ඉස්සරහට යන්න පටන් ගත්තා. දැඩි හිරු රශ්මියක් තිබුණත් කුඩේ තිබුන නිසා ආරක්ෂාකාරීව ඔවුන්ට ගමන් කරන්න පුළුවන් වේවි. ටේහ්යොන්ග් වගේම ජංගුක් කියන්නෙ මුරණ්ඩු කම අතින් ඉහළම තැනක හිටපු දෙන්නෙක්. ඒ නිසාම තමයි ජින් අනතුරු අඟවලා තියෙද්දිත් ඔවුන් දෙන්නම මේ විදිහට එලියෙ ඉන්නෙ.

"උඹ මොකටද එලියට ආවෙ ටේහ්යොන්ග්?"

"මට මිනිස්සු ගැන තව හොයන්න ඕන. එතකොට උඹ?"

ටේහ්යොන්ග් අහද්දි එකතැන නතර වුන ජංගුක් වටපිට බලලා තමන්ගෙ සාක්කුවෙන් ගත්ත කොලයක් ටේහ්යොන්ග්ට පෙන්නුවා.

"මට පල්ලියට යන්න ඕන."

"ආආආ..... උඹට පිස්සුද? අපිව මැරෙයි."

"ශ්ශ්..... කෑගහන්න එපා බම්..... ශුද්ධ වූ ජලයෙන් අපිට බලපෑමක් නොවෙන විදිහෙ දෙයක් මම ඉගෙන ගත්තා. යුංගි හ්යොන්ග්ගෙ කාමරේ තිබුණ පොතෙන් හොයාගත්තෙ."

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now