Chapter 12

277 74 30
                                    


රෑ කෑමෙන් පස්සෙ හැමෝම පන්ති කාමරයට එකතු වෙලා හිටියා. ගුරුවරු නැති වුනත් තම තමන්ගෙ අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්න දෙන්න ඔවුන්ට බැහැ. පන්තියට වෙලා පාඩම් කරන ගමන් හිටපු නම්ජුන් ජිමින් දෙන්නට එකතු වුන ජංගුක් මඟහැරුණු පාඩම් නම්ජුන්ගෙන් අහගත්තා. මේ අතර ටේහ්යොන්ග්ගෙන් බැනුම් අහන ගමන් නෝට්ස් ලියන යුෆාරා දිහා බලාගෙන හිටපු හෝසෝක් තාමත් කල්පනා කලේ තමන් දැකපු දේ ගැන. 

"හෝසෝක්...... මොකක්ද ප්‍රශ්නෙ? ඔයා මේ දවස් ටිකේම අමුතුයි."

හෝසෝක්ගෙ ලඟින් ඉඳගත්ත හසූයා අහද්දි හෝසෝක් කෙල්ලට මේ දේවල් කියනවද නැද්ද කියලා හිතුවා. හසූයා කියන්නෙ හෝසෝක්ට ගොඩක් ලඟ කෙනෙක් නිසා කෙල්ලට කිසිම දෙයක් හංගන්න හෝසෝක්ට ඕන වුණේ නැහැ. හැබැයි ජින් මේ ගැන කලබල වෙන්න දෙයක් නැහැ කියපු නිසා හෝසෝක් තව ටිකක් හිතුවා.

"ම්ම්...... හසූයා..... අපි කලින් කියවපු පොතේ තිබුණ දෙයක් ගැන මම හිත හිත හිටියෙ. ඒකෙ විදිහට ටේහ්යොන්ග්ට......."

"ක්හැක්...... ක්හැක්......... මොකක්ද තමුන් කරන්නෙ ආආ? බලනවා මේක තිත්තම තිත්තයි."

හෝසෝක් කියන්න ගිය කතාව මඟින් නැවතුනේ ටේහ්යොන්ග් කෑගහන්න ගත්ත නිසා. කෙල්ලට කියලා බොන්න දෙයක් ගෙන්න ගත්ත ටේහ්යොන්ග් බොරුවටත් එක්ක කෑගහන්න ගත්තෙ තේ එක ගොඩක් තිත්තයි කියලා. ඇත්තටම ටේහ්යොන්ග්ට දරාගන්න බැරි තරම් තිත්ත නොවුනත් කොල්ලා කැමතියි හැමවෙලේම යුෆාරාට කෑගහන්න. මොන හේතුවක් නිසා හරි යුෆාරාව පාලනය කරන්න කැමැත්තක් කොල්ලාගෙ මුරණ්ඩුකම නිසාම ඇති වෙලා. ටේහ්යොන්ග් ලඟට ආපු ජිමින් කෝප්පෙ අරගෙන බොන්න පටන් ගත්තෙ ඇත්තටම එතන අවුලක් තියෙනවද බලන්න.

"මේ හොඳට තියෙන්නෙ?"

"මොන හොඳක්ද? ඒක රස නෑ."

ටේහ්යොන්ග් කිව්වෙ දඟකාර හිනාවක් එක්ක. කොල්ලා නිතරම යුෆාරා එක්ක රණ්ඩුවක් අල්ලලා ඔය වගේ හිනාවෙන එක දැන් නැවේ හිටපු අනිත් අයටත් පුරුදුයි. 

"දැන් කියන්න බලන්න උඹට මොකටද ඉරිසියා හිතුනෙ කියලා."

ජංගුක් ඇහුවෙ කොල්ලා මෙහෙම කරන්න හේතුව ගැන යම් අදහසක් තිබුණ නිසා. 

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now