02 කොටස ✴️

1.8K 350 80
                                    

ඒ මිනිස්සු පස් හය දෙනා අර මිනිහව මරල දාල යන්න යද්දි.. මෙච්චර වෙලා ශෝ එකක් බලනවා වගේ වටේ ඉදන් බලාන හිටපු මිනිස්සු ටික ඊට පස්සෙ බිම වැටිල ඉන්න ඒ මනුස්සයව වට කර ගත්තෙ.. අපේ වාහනෙත් ඒ බොඩි එක ලගදි නවත්තල බලාන හිටියෙ එක පාරටම වෙච්ච දේ හිතා ගන්න බැරුව..චෙන්නයි වලට ආපු ගමන් දැක්ක මේ දෙයින් මට නම් හිතුනෙ ආපිටම මුම්බායි යන්න..

මොකද ඒ මනුස්සය තාර පාරෙ ලේ විලක් මැද නිසොල්මන්ව ඇස් පියාගෙන ඉන්නව දැක්කම බඩ පපුවත් දන්න ගත්ත..ඇත්තටම ඒ ආපු තිරිසන්නු ටික මොක්කුද..? ඇයි මේ අහින්සක මනුස්සයව මරල දාල ගියෙ කියලවත් හිතා ගන්න බෑ...ඒත් ඇස් පිය ගහන ශනිකවම උන් ටික අර මනුස්සයව කෑලි කපල දාල යන්න ගියා..ඒකත් මේ මහ සෙනගක් මැද්දෙ..

ඕව මෙහෙ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් මහත්තයො....

අපේ කැබ් එකේ හිටපු ඩ්‍රයිවර් කියපු කතාවට අපි ඔක්කොම මූණට මූණ බලා ගහ්තෙ.. ඒ මොකද්ද ඒ කතාවෙ තේරුම කියල වගේ..

මිනිස්සු මරන එක සාමාන්‍ය දෙයක් වෙන්නෙ කොහොමද.....?

මම එහෙම ඇහුවෙ හිතේ තිබ්බ කේන්තියට.. මොකද මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන කොහොමද මේ වගේ තිරිසන්නු ටිකක් තීරණය කරන්නෙ.. එහෙම කොහොමද එයාලට ඕන විදිහට මිනිස්සුන්ව මරල දාන්නෙ..මෙහෙ උන්ට මේක සාමාන්‍ය දෙයක් උනාට අපිට මේක අසාමාන්‍ය දෙයක්..

ඔයාලත් මෙහෙනෙ ඉන්නෙ මහත්තයො.. එතකොට ඉතින් බලාගන්න පුලුවන් මම කියපු දේ ඇත්ත නැත්ත...

අපි කුලියට ඇවිත් තියෙන්නෙ අපායකටද කියල වෙලාවකට හිතෙනවා.. මෙහෙට පය ගහපු ගමන්ම අපිට දකින්න ලැබුනෙ මරනයක්.. ඒක අසුභ නිමිත්තක් නෙමේද..?

ඩ්‍රයිවර් මනුස්සය අපිව ගේ ලගින් බස්සල යන්න යද්දි.. අපි ලොරියෙ තිබ්බ බඩු ටික හෙමීට හෙමීට අලුත් ගෙදට්ට අදින්න ගත්ත..

ඩ්‍රයිවර් මනුස්සය කියපු දේ ගැන හිත හිත මම අලුත් ගේ වටේටත් වට පිටාවෙ මිනිස්සු දිහාත් මගෙ අවදානය යොමු කරද්දි.. මගේ ඇස් වලට අහු උනා ගෙවල් වල ඉන්න එකා දෙන්න අපි දිහා හොරෙන් බලල ගෙවල් ඇතුලට රිංග ගන්නවා..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now