31 කොටස ✴️

1.1K 247 28
                                    


ඔයාගෙ හස්බන්ඩ්ව ගොඩක් දැන් ඉදල පරිස්සම් කරගන්න වෙයි මිස්ටර් ආසි.. මොකද මේක පලවෙනි අත් දැකීම නිසා ඔයාගෙ හස්බන්ඩ්ට අමාරු කාලයක් වෙයි..ඉතින් ඔයාට තේරෙනවනෙ මිස්ටර්ස් ආසි ඔයාගෙ හස්බන්ඩ් පිරිමි කෙනෙක්නෙ ඉතින් දරුවෙක් බිහි කරනව කියන්නෙම ලේසි දෙයක් නෙමෙයිනෙ....

හ්ම්...මට තේරෙනවා ඩොක්ටර්..

ප්‍රෙග්නට් කාලෙ එක එක ආසාවල් එයි.. ඒ වගේම මූඩ් ෆික්ස් වෙන්න පුලුවන් එක එක විදිහට මිස්ටර් සූර්ගෙ.. වමනෙ යයි , කරකැවිල්ල ගතිය එහෙම එයි ඒවට වොරි වෙන්න එපා මිස්ටර් ආසි.. ඕක හැම අම්ම කෙනෙක්ටම සාමාන්‍ය දෙයක්......

මම ප්‍රෙග්නට් කියල දැන ගත්ත ගමන් අසි අපේ ගේ ලගම ඉන්න ඩොක්ටර්ව එක්කාගෙන ඇවිත් එයාට කියල මාව චෙක් කරවන්න ගත්ත නිසා.. ඩොක්ටර් උපදෙස් ගොඩක් දුන්නෙ දැනටමත් වගකීම් සම්පන්න ඩැඩා කෙනෙක් වගේ ආසි අහන් ඉන්න අතර මගෙ ඔලුව අත ගාද්දි මම එයාගෙ පිට අල්ලට හාදු තිබ්බ..

හරි එහෙනම් මිස්ටර් ආසි මම දැන් යනවා.. හොදට මම කියපු දේවල් මතක තියාගන්න ඒ වගේම හස්බන්ඩ්ව වෙලාවට ක්ලිනික් අරන් යන්න අමතක කරන්න එපා.....

මට මතකයි ඩොක්ටර්..

ආසි රූම් එකෙන් එලියට ඩොක්ටර් එක්කම යද්දි හාන්සි වෙලා හිටපු මම හෙඩ්බෝඩ් එකට හේත්තු උනේ හොද හුස්මක් ගන්න අතර..

පුතා මම ඔයාට බොන්න කිරි එකක් ගෙනාවා...

අම්මා නිකන් කරදර වෙනවනෙ...

මගෙ පුතාට කිරි එකක් හදල දෙන එක කොහෙද දරුවො කරදරයක් වෙන්නෙ...

අම්ම එක පාරටම කිරි වීදුරුවක් ගෙනත් මගෙ අතට දෙද්දි මම කියපු දේට මට ඇදත් කරගෙනම මන් ලගින් ඉද ගත්ත එයා මගෙ ලෑලි බඩ උඩින් අත තියාගෙන ලාවට හිනා උනා...

ආසි කෝ අම්මා...

අපිට කන්න මොනා හරි ගේන්නම් කියල ගියෙ ඔය...

හ්ම්.....

ඩොක්ටර් එක්ක එලියට ගිය ආසි ආයෙත් ආපු නැති නිසා මම අම්මගෙන් ඇහුවෙ එයා කෝ කියල.. මේ මනුස්සයත් මට නොකියම එක පාරටම අතුරුදහන් වෙනවා.. ඊට පස්සෙ මම තමයි පපුවෙ බිත්තර තම්බ තම්බ බලන් ඉන්න ඕන..

ආසි 💣 ( ✔️ )On viuen les histories. Descobreix ara