17 කොටස ✴️

1.3K 304 32
                                    

ගෙදරට ගොඩ උන ගමන් මට අප්පගෙන් හම්බ උනේ කන දෙදෙරල යන්න කම්මුල් පාරක්..ඒ ගහපු ගැහිල්ලට විනාඩි ගානක් යනකන් මට කන ඇහෙන් නැතුව තිබ්බ කිව්වොත් හරි.. කීන් ගාන සද්දයක් මිසක් මට මෙලෝ දෙයක් ඇහෙන් නැතුව තියෙද්දි මම බැලුවෙ ඇස් වල කදුළු පුරවගෙන පාට්ටෙගෙ අතින් අල්ලන් මන් දිහා බලන් ඉන්න අම්ම දිහා.. එයා අඬනව ඒකත් මම නිසා..

වරෙන් මෙහෙට...

මගෙ බෙල්ලෙන් ඇදල අරගත්ත අප්ප අම්ම ලගට තල්ලු කරල දාල කියපු ජරා කතා හැමදේම මම අහන් හිටියෙ බිම බලාගෙන..

උබ මොන අවලමේද යකෝ ගිහින් හිටියෙ..කියපන් ඉතින්..

ම...ම..

ඇයි වචන නැද්ද උබට..කාත් එක්කද යකෝ උබ බුදියන්න ගියෙ..කෝල් එකක්වත් ආන්සර් කරන්න බැරි තරම් උබට මොන.....

අප්පා...

නෑ මම එයාට ඉතුරු ටික කියන්න නොදී මහ හයියෙන් කෑ ගහද්දි.. අප්ප මන් දිහා බලාගෙන කට කොනින් හිනා උනා..

උබට ලැජ්ජද දැන්.. රෑ තිස්සෙ එක එකා එක්ක බුදියන්න හොදයිද තොට.. බලපන් දේවි උබගෙ මහ ලොකු පුතන්ඩියගෙ වැඩ..හරිම ශෝක්..

ඇත්ත නොදැන කියවන්න එපා..මම ඊයෙ රෑ හිට...........
















චටාස්••••••

ඉතුරු ටික මට කියන්න හම්බ උනේ නෑ අම්මගෙන් දකුණු පැත්තෙ කම්මුලටත් හොද පාරක් හම්බ උනේ.. මම ඇස් දෙක ලොකු කරගෙන වෙච්ච දේ හිතා ගන්න බැරුව බලාන ඉද්දි..

මම හිතුවෙ නෑ සූ උබ මෙහෙම අපිවත් රවට්ටයි කියල..

අම්ම මම කියන දේ පොඩ්ඩක් අහන්නකො..

මම අම්මගෙ අතින් ඇල්ලුවත් මගෙ අත ගසල දාපු අම්ම දිහා මන් බලන් හිටියෙ වේදනාවෙන්..

මූට දැන් මගුල් විසේ ඔලුවට ගහල තියෙන්නෙ..උබ හෙටම ලෑස්ති වෙන්න ඕන ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න..

මගෙ ඇස් උඩ ගියා..මොනාද කඩවුලේ මේ අප්ප කියවන්නෙ.. මම බුදිය ගත්තලු ඒ මදිවට ඩොක්ටර් කෙනෙක් ලගට යන්න තරම් මට ලෙඩක් නෑ කියල මෙයාලට තේරෙන් නැද්ද.. මගෙ එක වචනයක්වත් නාහා එයාල කියවන ඒව මම අහන් හිටියෙ කල කිරීමෙන්..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now