12 කොටස✴️

1.3K 328 29
                                    

දවසම ආසි නිසා මුඩුම වෙලා ගියත්.. හිනා වෙලා ගෙදර වැඩ පල වලට අම්මටයි පාට්ටිටයි උදව් කරේ වෙන මට කරන්න වැඩක් නැති හන්ද..අප්පත් උදේම වැඩට ගිහින් තිබ්බ වගේම තම්බිත් යාලුවෙක් හම්බවෙන්න එලියට ගිය නිසා මම නම් අද ටිකක් පාලුවෙන් හිටියෙ.. මොකද තම්බි හිටිය නම් කාඩ් සෙල්ලමන් හරි කැරැම් අතක් හරි ගහනවනෙ.. ඒත් අද ඉතින් මට වැඩකාරය වගේ ගෙදර හැම දේකටම උදව් කරන්න වෙලා..

මොනා කරන්නද රස්සාවක්වත් නැති එකේ ගෙදර වැඩ පලට හරි උදව් කරන් ඉන්නව දැනට..

සූ...මේ බටු ටික බැදල ගනින්..

පාට්ටි කොළ මිටියක් දිග ඇරන් හොද කොළ ටික බිම ඉදන් තෝර තෝර ඉද්දි.. මට බටු බදින්න කියපු නිසා මම ඔලුව වනල කුස්සියට ගිහින් හීන් තීරු කපල තිබ්බ බටු ටික නටන තෙලේ දාල හැදි ගාන්න ගත්තහම තමා එලියෙ වේලෙන්න දාල තිබ්බ රෙදි ටික ගන්න ගිය අම්ම කුස්සියට ආවෙ..

පරිස්සමින් පුතා..තෙල් ඇගට වදී ...

හරි හරි අම්මා..

අපෙ අම්ම ඉතින් ඔහොම්මම තමයි.. එයාට බයයි මගෙ බේබි හම තෙල් වැදිල පිච්චේවි කියල..ආදරේට අම්ම මම ඉන්න තැන විතරක් ඔහොම කිව්වට.. ඔය කතාව පාට්ටි ඉන්න තැන කිව්ව නම් අම්මට හොද දෙකක් අහගන්න තමා වෙන්නෙ..

පාට්ටි කියන විදිහට අපි ඉන්න ඕන තෙල් තාච්චියට අත දාගෙන වැඩ කරන්න පුලුවන් විදිහෙ හිතේ හයියක් අරන්.. මම තෙල් වලට මගෙ හම පිච්චෙනවට කැමති නැති උනාට.. කවුද අප්ප තෙල් වලට බය.. පුහ් මම නම් යකෙක්ටවත් බය නෑ චූටි කාලෙ ඉදන්ම..

සූ..මෙන්න කෝල් එකක්...

එනෝ....

මන් බටු ටික බැදල ඉවර උනා විතරයි පාට්ටි සාලෙ ඉදන් මට කෑ ගහද්දි.. මම කග වේන වගේ දිව්වෙ කාමරේට.. මේසෙ උඩ තිබ්බ මගෙ ෆෝන් එක රිං වෙන නිසා.. මම ඉක්මනට ෆෝන් එක අතට අරන් බලද්දි දැක්කෙ කෝල් එක එන්නෙ තම්බිගෙන් කියල..

📱📱📱

අ...න්...නා

අමිත්...ඇයි අඬන්නෙ...මාව බය කරන්න එපා..

මු..කේශ්...ව...

ඇයි...එයාට මොකද අමිත්..තවත් මාව බය කරන්නෙ නැතුව මොකද්ද උනේ කියන්නකො...

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now