35 කොටස ✴️

1.6K 270 97
                                    

ඔයා කැමති නම් ගන්න බබා........

මම දැන් මේ පැයක වෙලේ ඉදන් මගෙ චෙල්ලො වටේ කැරකි කැරකි එයා කැමති විදිහෙ ඇඳුම් ගන්න කිව්වෙ අපෙ බබාට..

ඊයෙ තීරණය කරපු විදිහටම අපි දෙන්න උදේම ආවෙ ශොපින් මෝල් එහෙකට.. අපේ පැටියට ඕන කරන බඩු සේරම ගන්න වැඩේ මම බාර දුන්නෙ චෙල්ලොට.. මොකද එයා මට වඩා ඔය වැඩේට දක්ශ නිසා..

හැබැයි එයා පස්සෙන් සර්වන්ට් වගේ මම ගියෙ බෑග් මල්ලකුත් උස්සගෙන එයා දෙන දෙන ඇඳුම් මගෙ කරෙයි අතෙයි එල්ලන්..මොනා උනත් මගෙ වයිෆිව ඒ දේවල් වලට මහන්සි කරන්න බෑනෙ..ඉතින් මේ වගේ කටු කන්න සිද්ද වෙනව මට මැරෙනකන්..මොනා කරන්නද මේවට මූණ දෙන්න බලන්නෙ මම බැන්ඳෙත්..

ආසාවේ බෑ හබී.. මේ බලන්නකො මේවයෙ චූටි.........

නැප්කින් වගේම කකුල් වලට බබාලට දාන මේස් අත ගගා බලන ගමන් එයා කියවද්දි මම හිනා වේගෙන බලන් හිටිය.. එයා කියන කතාව ඇත්ත.. මේ දේවල් දකිද්දි මටත් ආසායි ඉක්මනට අපෙ පැටිය අපෙ ලගට එනවට.. එතකොට අපිට පුළුවන් කිරි සුවඳ විද විද මේ චූටි ඇඳුම් අපෙ පැටියට අන්දවල ලස්සන බලන්න..

ඔක්කොම ගත්ත නේද බබා.......

ඔව්.........

එයා මගෙ අතේ එල්ලෙද්දි මම හිනා වෙවීම කැශියර් එකට ගිහින් ගත්ත ඇඳුම් , සෙල්ලම් බඩු සේරම එතනට දුන්නෙ බිල් එක දාන්න..

බෑග් බෑග් වලට මම ජිම් පප්පා වගේ බඩුත් උස්සන් මගෙ චෙල්ලො පස්සෙන් ආවෙ ශොපින් මෝල් එකෙන් එලියට..

කැබ් එකක් නවත්තගෙන ඒකෙ ඩිකියට බඩු ටික දාපු මම වාහනේ දොර ඇරල එයාට නගින්න උදව් කරද්දි එක පාරටම මහ සද්දයක් එක්ක අපි හිටපු තැන ඉදල අඩි දහයක් ඉස්සරහින් ඇක්සිඩන්ට් එකක් උනේ මිනිස්සු හැමෝම එතනට එක්රොක් වෙන්න ගද්දි..

අනේ හබී අපිත් යමු එතනට..පව් මොනා උනත් මනුස්සයෙක්නෙ...........

බොම්බයක් පිපිරුනා වගේ ආපු සද්දෙට බය උන චෙල්ලො මාවත් ඇදගෙන සෙනග අස්සෙන් රිංගගෙන ඉස්සරහට යද්දි දැක්ක දෙයින් මගෙ ඇස් අදහ ගන්න බැරුව ගියා..

ලොරියකට යට වෙලා තිබ්බෙ වෙන කවුරුත් නෙමෙයි චෙල්ලොගෙ අප්ප වෙද්දි ඒක දැක්ක එයා මගෙ ඇගට බර උනේ කිසි කතාවක් නැතුව..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now