21 කොටස ✴️

1.3K 299 31
                                    

සූර් P.O.V

මම හිටපු තත්වය එක්ක මට ඕන උනේ කාගෙ හරිම තුරුලට වෙලා අඬන්න.. මොකද ගෙදර අප්පගෙ වැඩ නිසා ප්‍රශ්න වලින්ම පිරිල තියෙද්දි මම විතරක් නෙමෙයි ගෙදර හැමෝම හිටියෙ මානසිකව ගොඩක් ඇද වැටිලා.. කන්න බොන්න තියා අපිට ලයිට් බිල් වතුර බිල් වත් ගෙවාගන්න බැරි තත්වයක ඉද්දි ගෙදර ලොකු පුතා විදිහට මම හිටියෙ ලොකු පෙශර් එහෙක..

ඉතින් මගෙ දුක වේදනාව පිට කරගන්න බැරුව මනසින් ගොඩක් පහලට ඇද වැටිල ඉන්න වෙලාවෙ ආසි මාව මුහුද පෙන්නන්න එක්කන් ආවා..ජීවිතේට මුහුදක් තියා මුහුදු හුළගක්වත් විදල නැති මගෙ ඇස් වල කදුළු පිරෙන්න ගත්තෙ ආසි මිනීමරුවෙක් නෙමෙයි මොකෙක් උනත් මට එයා ගැන ලොකු පැහැදීමක් හිතේ ඇති වෙද්දි..

දෙපාරක් නොහිත මම මෙච්චර වෙලා හිතේ හිර කරන් හිටපු දුක දිය කරන අතර එයාගෙ ශක්තිමත් පපුවට තුරුල් වෙච්ච ගමන් මට හොදටම දැනුන එයා ගැස්සුනා කියල නම්.. ඒත් මට එයාගෙන් පොඩ්ඩක්වත් ඈත් වෙන්න බැරි උනා වගේම එයාටත් මාව ඈත් කරන්න හිතක් නෑ කියල නම් දැනුන එයා සද්දයක් වත් නැතුව ඉන්න විදිහෙන්..

විනාඩිය දෙක ගෙවිය යද්දි මම එයාට තුරුල් වෙලා ගොඩක් වෙලා ඉදල ඈත් උනේ ඒ නපුරු මූණ දිහා බලාගෙන..ඒත් එයාගෙ ඇස් මගෙ ලග නැතුව වෙන කොහෙදො තියනව දැක්ක මම ඒ පැත්ත බලද්දි දැක්කෙ දරුවො දෙන්නෙක් ඉන්න ජෝඩුවක් ඇවිත් රැල්ල ලග සෙල්ලම් කරන විදිහ..

ඔයාට අම්ම අප්ප නැද්ද අන්නා......?

දන් නෑ...

ඒ කිව්වෙ..

මම එයාලව දැකලවත් නෑ..

එතකොට ආසි කියන්නෙ අනාථයෙක්ද.. මම අහපු දේවල් වලට එයා අර පවුලෙ අය දිහා බලාගෙනම උත්තර දෙද්දි මට ආසි ගැන දුක හිතුන.. එයාටත් අම්ම අප්ප සහෝදරයො හිටිය නම් මේ වගේ පාතාල කාරයෙක් නොවෙන්නත් තිබුන..ඒත් ආසි කරපු පෙර පවකට වෙන්න ඇති අද එයා ගැලවෙන්නත් බැරි ගලවන්නත් බැරි නර අපායක හිර වෙලා.. පවුල , ආදරය , සතුට කියන එකවත් නොදන්න එයා කිසිම හිනා පොදක් නැති සීතල දරුණු චරිතයක් ආසි කියන නමින් ලෝකෙට පෙන්නුවත් හිත ඇතුලෙ උණුවෙන හදවතක් තියන මනුස්සයො අතර ඉන්න එක්තරා දෙවි කෙනෙක් කියන එක දන්නව නම් මම හිතන් නෑ කවුරුත් ආසිට පාතාල කාරය කියල කියයි කියලවත්..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now