24 කොටස ✴️

1.3K 281 23
                                    

මගෙ චෙල්ලෝ...මගෙ ජීවිතේ වෙනස් කරන්න ආපු සුර දූතය..එයාව මුලින්ම දැක්ක දවසෙ ඉදන් ටිකෙන් ටික මම එයාටම බැඳෙන්න අරන් තිබ්බ කියල මටවත් මුලදි නොතේරුනාට.. එයාව දකින් නැතුව ඉන්න බැරි තරමට මට දැනෙන අමුතු හැඟීම තේරුම් ගත්ත මට ඕන උනේම එයාව පස්සෙ පස්සෙ මන් ලගින්ම තියා ගන්න බොරු දහසක් එයාට කියල හරි..

කෙල්ලෙක්ටවත් නැති රූපයක් තිබ්බ එයාව මට ඕන උනේ කාටත් පේන් නැති පැත්තකට ගෙනිහින් මැණිකක් රකිනව වගේ රකින්න.. මගෙ වටේ ඉන්න තිරිසන් හැත්තගෙ හුස්මක්වත් වදින් නැති තැනක එයාව ගෙනිහින් හංගන්න ඕන උනත් මට බය හිතුන එයා මට බය වෙලා මගෙන් ඈත්ම වෙලා යයි කියල.. ඉතින් මම ඈතින් ඉදල හරි එයාව පරිස්සම් කරා.. කොයි තරම් පරිස්සම් කරාද කියනව නම් මම එයා යන යන තැන මගෙ උන් එයා පස්සෙන් දාන්න අමතක කරේ නෑ.. එයා කරන කියන හැමදේම මට ආරන්චි වෙන නිසා මම ටිකක් හරි සැනසීමෙන් මගේ වැඩ වලට එහෙ මෙහෙ ගියෙ..

ඒත් මම හිතුවෙ නෑ ලස්සන මල් විනාස කරල දාන්න එක එක සත්තුත් මාන බලනව කියල.. එදා මට හදිසියෙම රෙඩ්ඩි අන්නාට අයිති ඩ්‍රග්ස් වගයක් අපේ රටට එනවා කිව්ව හන්ද මට ඒ වැඩේට හයිද්‍රාබාද් යන්න උනා.. කැමැත්තෙන් ගිය ගමනක් නෙමෙයි.. ඒත් මට රෙඩ්ඩි අන්නාගෙ වචනෙට පිටු පාන්න බැරි උන නිසා අකමැත්තෙන් හරි මම ගියා.. හැබැයි එහෙ ගිහින්වත් මට ඉන්න බැරි තත්වයක් තිබ්බෙ එයාගෙ මූණ සැරින් සැරේ මට මතක් වෙච්ච නිසාම මම රෑ එයාට කතා කරා.. ඒ කටහඬ ඇහුනත් ඇති හිතට ලොකු සැනසීමක් දැනෙද්දි මම එයා එක්ක කතා කරල ඉවර උනයින් පස්සෙ හොදට නිදා ගත්තත් මහ පාන්දර මට නරක හීනයක් පෙනිල ගැස්සිල ඇහැරුන හින්ද මගෙ හිතට හරි නැති කමට මම උදේම ඩ්‍රග්ස් වැඩේට ආර්යා එක්ක එලියට ගිහින් ඒ වැඩ ටික ක්ලියර් කරන් එද්දිම මගෙ ගෝලයෙක්ගෙන් මට  ආපු කෝල් එකත් එක්ක මට උන් හිටි තැන් අමතක උනා...

මට මොකද්ද මන්ද උදේ ඉදන් මහ අමුත්තක් හිතට දැනුන නිසාම ආයෙ චෙන්නයි යන්න හිටියත් මේ වැඩ එක්ක වෙලාව එන්න එන්න පරක්කු වෙච්ච එකට මම හිටියෙ පට්ටම මලෙන්.. පස්සෙ චෙල්ලොගෙ පස්සෙන් දාල තිබ්බ මගෙ ගෝලය මට කිව්වෙ චෙල්ලොට කරදයක් කියල වෙද්දි මම සේරම වැඩ ටික ආර්යාට දීල පුලුවන් ඉක්මනට චෙන්නයි ආවෙ මගෙ චෙල්ලො වෙනුවෙන්..

ආසි 💣 ( ✔️ )Där berättelser lever. Upptäck nu