20 කොටස ✴️

1.4K 322 54
                                    

රෑ ආසි හීනෙන් සැරින් සැරේම කියෙව්වෙ කොච්චර උනත් මම එයාට ගහපු එක ගැන වෙද්දි ඇත්තටම මට ලොකු කලකිරීමක් දැනුන මන් ගැනම.. මොකද එයා අද නපුරු ආසි කෙනෙක් වෙනුවට අඬන බබෙක් කරල තියෙන්නෙ මමනෙ..

එයාගෙ ඔලුව අත ගගා හිටපු මටත් හෙඩ් බෝඩ් එකට හේත්තුවක් දාන් ඉද්දිම නින්ද ගිහින් තියෙද්දි අහම්බෙන් ඇහැරුනේ එළියෙ මහා කාල ගෝට්ටියක සද්දයක් ඇහෙන්න ගත්ත නිසා..

ඇයි මම කෑ ගහනකොට උබට ලැජ්ජද...?

කට වහන් ගෙට වරෙන් මිනිහො..

කතා කරන්න ඉගන ගනින් පට්ට බැල්ලි.. උබ එක්ක රණ්ඩු කරන්න මට වෙලාවක් නෑ කෝ උබෙ පුතන්ඩිය කියපන්..

උබ මගෙ කොල්ලව අර පාතාලෙ උන්ට විකුණන්නද හදන්නෙ මිනිහො.. තමුසෙ ඇත්තටම අප්ප කියන නමටත් සුදුසු නැති තිරිසනෙක්..

මට මගෙ අම්මගෙයි අප්පගෙයි කටහඬවල් ඇහෙන්න ගත්ත හන්ද මම තවමත් මගෙ ඔඩොක්කුව උඩ නිදන් ඉන්න ආසිගෙ ඔලුව කොට්ටෙන් තියල ඇඳෙන් බැහැල කෙලින්ම දුවල ගියෙ එලියට.. ඒ වෙද්දි ආසිගෙ ගෝලයොවත් පේන්න නොහිටිය නිසා මම ඉක්මනට මට පෙනි පෙනි තිබ්බ අම්මගෙයි අප්පගෙයි වලිය මැදට පැන්නෙ යක්සයා ආරූඩ වෙලා වගේ..

තමුන්ට මොනව ඕන වෙලාද ආයෙ මෙහෙ ආවෙ...

අහ්.. උබ රෑ තිස්සෙ එක එකාගෙ ගෙවල් අස්සෙ රිංගන්නත් පුරුදු වෙලාද.. හැබැයි ඒකත් හොදයි.. මැර කල්ලියට උබව දීල දාන්න මට දෙපාරක් හිතන්න ඕනෙ වෙන් නෑ දැන් ඉතින්..

කට වහගෙන ගෙට යනවද අප්පා අපිට ලැජ්ජ කරන්නෙ නැතුව..

මිනිස්සු හැමෝම අපි ගේ ලෙග කෑ ගහන් බෙරිහන් දෙන විදිහ ජනෙල් වල එල්ලීගෙන බලාන ඉද්දි.. මට ඇති උනේ මාරම ලැජ්ජාවක්.. මොකද අප්ප කුණු කතා කියන්නෙ මට ඉතින් තරුණ කොල්ලෙක් වෙච්ච මට ලැජ්ජ හිතෙන එක පුදුමයක් නෙමෙයිනෙ.. කරුමෙට හරි එයාගෙ පුතා වෙච්ච එකට නම් මම දැනුත් පසු තැවෙනවා..

ලැජ්ජ වෙන්න ඕන උබයි එක එකා එක්ක බුදියගන්න යන්න කලින්.. කට පියාගෙන වරෙන් යන්න මන් එක්ක දැන්..

අතාරින්න මාව....අම්මා....

අතෑරපන් මිනිහො මගෙ කොල්ලව..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now