09 කොටස✴️

1.3K 333 44
                                    

අතාරිනවා මාව..........

මම ආසිගෙ ශක්තිමත් අතේ එල්ලිලා රවාගෙන එහෙම කියද්දි.. එයා එයාගෙ ඒ නපුරු ඇස් වලින් මන් දිහා බලන් හිටපු විදිහට චන්ඩිය වගේ කෑ ගහපු මට චූත් යන්න ආවා කිව්වොත් හරි..

ශ්ශ්ශ්...වැඩිය සද්ද එපා....මොකද මම කැමති නෑ ගොඩක් කියවන අයට..

ඉතින් මට මොකද්ද කියන්නෙ ආ.. අතාරිනවා මාව නැත්තම් මම කෑ ගහනවා හරිද.....?

මම එයාගෙ අතට ගහල තල්ලු කරල දාන්න හැදුවත් මේ මිනිහ යක්ස මස් කාලද මන්ද පොඩ්ඩක්වත් හෙල්ලෙන් නැතුවම හිටිය..

මම උබව රේප් කරන්න ගියා වගේ මොකද දගලන්නෙ.. අනික මොකද මේ ගෑණියෙක් වගේ කෑ ගහන්නෙ...ම්ම්.....

මාව අල්ලන්න ඔයාට කොහෙන්ද අයිතියක් ආ.. මම තමුසෙට විරුද්දව කම්ප්ලේන් එකක් දානවා...

කට කඩනව දැනගනින්...

එහෙම කියපු එයා මගෙ අත් දෙකත් අල්ලගෙන මොනාද මන්ද කරන්න හැදුවත්... ශනිකව ක්‍රියාත්මක උන මම එයාගෙ අත හැපුවා...

ආහ්හ්හ්...

එයා කෑ ගහන්න කෑ ගහන්න දත් පාරවල් හිටින්නම හපපු මම ඒ එක්කම ඇරුන ලිෆ්ට් එකෙන් එලියට දුවල ගියෙ එයාගෙන් ගුටි කන්න වෙයි කියල හිතල..

පස්ස නොබල දුවපන් සුර්.. නැත්තම් අරූ උබව කයි..

පඩිපෙල බැහැගෙන බැහැගෙන පල්ලෙහාට දිව්ව මම කැශියර් එකට සල්ලිත් දීල මන් දිහා ඇස් ලොකු කරන් බලාන හිටපු තම්බිවත් ඇදගෙන ශෝප් එකෙන් එලියට දුවල ගියෙ ආසි මගෙ බෙල්ලෙන් අල්ල ගනී කියල පුංචි බයක් හිතේ ඇති උන නිසා.. නැත්තම් මේ මම දුවන් නෑ සත්තයි..

අන්නා..ඔයා ආසිට මොනද කරේ ආ.. ඇයි මෙහෙම අපි දුවන්නෙ..

ගෙදර ගිහින් කතා කරමු.. දැන් පන බේර ගන්න ඕන නම් දුවමු...

ඇත්තනෙ ඉතින් මම කිව්වෙ.. දැන් ආසි කොහොමත් ඇත්තෙ තැටිය රත් කරන්.. ඔය මිනිහට මාව අහු උනොත් කෙසෙල් ලෙලි ගහනෝ වගේ මගෙ හම ටික ගලවල ගනී..මාත් ඉතින් මේ හැප්පෙන්නෙ එසේ මෙසේ මනුස්සයෙක් එක්ක නෙමේනෙ..ඒ උනාට මම හරි කැමති ආසිව ටිකක් ෆෝම් කරන්න..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now