28 කොටස ✴️

1.4K 306 40
                                    

කිරි පාටට තිබ්බ මගෙ කලව දිහා බලන් ඉන්න රෙඩ්ඩිට රවාගෙනම මම ඇඳන් හිටපු ශර්ට් එක ඉස්සරහින් ටිකක් පල්ලෙහාට ඇදගෙන උඩට යන්න තියා පහලටවත් යාගන්න බැරුව හිටියෙ අන්ත අසරණ වෙලා..

මම එද්දි මැගසින් එකක් බල බල හිටපු රෙඩ්ඩි ඒක ටේබල් එක උඩින් තියල මට මහ කුපාඩි බැල්මක් දාගෙන පඩිපෙල ලගට එන්න අඩියක් තියන්න හදද්දිම...

චෙල්ලෝ......

අහ්..

ඇයි පහලට ආවෙ...

කිචන් එකේ ඉදන් එලියට ආපු එයා මට කතා කරනවත් එක්කම රෙඩ්ඩි වගේම මමත් බැලුවෙ අපි දිහා මාරුවෙන් මාරුවට කිසිම හිනා පොදක් නැතුව බලන ආසි දිහා..

මේ උබේ කොල්ලද....?

ඒ ඇහුවෙ නම් රෙඩ්ඩි.. එයා අහපු දේත් එක්ක පඩි පෙල හරියටම මැද හිටන් හිටපු මන් ලගට දුවල ආපු ආසි මගෙ ඉන වටේට අතක් දාල එයාගෙ ඇඟට හේත්තු කරගෙන කියපු දේට මට හිනා යන්නත් ආවා..

ඔව් අන්නා...මේ තමයි මගෙ චූටි වයිෆ්...

මොනාද අනේ ඔය කියන්නෙ...

ඉතින් ඇත්තනෙ බං..

මම කෙල්ලෙක් නෙමෙයි හරිද..

එයාට වැලමිටෙන් ඇන්න මම මට වයිෆ් කියන්න එපා කිය කිය රෙඩ්ඩි ඉස්සරහ රණ්ඩු වෙද්දි ආසිත් ගේම අතෑරියෙ නෑ හැබැයි.. එයත් විහිලුවෙන් විහිලුවෙන් මාව බදාගෙනම එකට එක කියන්න ගත්තා...

හුරතල් කොල්ලෙක්නෙ උබට ඉන්නෙ...

අපි දෙන්නගෙ කතාව මැද්දට පැන්න රෙඩ්ඩි මන් ගැන වර්ණනා කරද්දි නම් ආසිගෙ මූණ වෙනස් උනා...

කොට කෑලි ඇදගෙන අනිත් දවසෙ පල්ලෙහාට එන්න එපා....දැන් පස්ස නොබල රූම් එකට දුවනවා......

රෙඩ්ඩි කියපු දේට යන්තම් හිනා උන එයා මගෙ බෙල්ල ඉඹිනව වගේ රෙඩ්ඩි ඉස්සරහ බොරු රංගනයක් කරපු ආසි මුණු මුණු ගගා හෙමීට මට උඩට යන්න කියල කියද්දි මාව ගැස්සුනා.. මොකද එයා අන්තිම වචන ටික කිව්වෙ ටිකක් තදින්...

අන්නා අපි එලියට යමු....

ආසි රෙඩ්ඩිව බලෙන් වගේ එලියට එක්කරන් යද්දි මම හෙමීට පඩි නැගල උඩට ගියෙ ආසි කිව්ව පලියට දුවල යන්න බැරි නිසා..මොකද ඉතින් මගෙ පස්සනෙ අප්ප රිදෙන්නෙ...

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now