30 කොටස ✴️

1.3K 262 44
                                    

( සති තුනකට පසු )

හරි ඉක්මනට කාලෙ ගෙවිල ගියා වගේම ගොඩක් දේවල් මේ ටිකට අපි දෙන්නගෙම ජීවිත වල වෙනස් උනා.. ඒ කොහොමද දන්නවද....? හරියටම සතියකට කලින් මමයි ආසි මැරි කලා.. ඔව් මමයි ආසි දැන් හස්බන්ඩ්ල..චාම් විදිහට බීච් එක ලගදි මට ලස්සන රිදී පාට චූටි මුද්දක් දාපු එයා ආත්ම ගානකට මන් එක්කම ඉන්නව කියල පොරොන්දු දීල මාව නීතියෙනුත් එයාගෙම කර ගත්තා..

හදිසියෙන්ම මේ හැමදේම උන නිසා අපිට රටට ලෝකෙට කියල වෙඩින් එකක් ගන්න බැරි උනා..ඒත් මම එදා දවසට ගොඩක් ආසයි.. මොකද එයාගෙ අතින් රෝස් වලින් පුරෝපු කේක් කෑල්ලක් කපල ඒ පපුව අස්සට වෙලා සීතල හුළං වැදි වැදි අදුර වැටීගෙන ආපු හැන්දෑවක මුහුද දිහා බලන් හිටපු හැටි මම අදටත් මතක් කරනවා...

මගෙ ජීවිතේ මම ගත්ත හොදම තීරණයක් විදිහට මන් අද සතුටින් හිනා වෙලා ඉන්නවා එයත් එක්ක.. කවුරු කොහොම කිව්වත් සම්මතයෙන් පිට පැනල අසම්මත ප්‍රේමයක් ලග නැවතුන මම අද මේ ජීවිතේට මහ ගොඩක් ලෝභ වෙලා..

බබා යමුද එහෙනම්...

අපි යන්න හදන්නෙ මේ අපේ අලුත් ගෙදරට.. මම ආසිව මැරි කරලත් ආවෙ එයාගෙ පොට් එකට වෙද්දි අන්තිමට ආසි මටත් හොරෙන් Shimla කියන පැත්තෙන් ගෙයක් අරන් තිබ්බ.. ඉතින් ආසි දැන් පාතාලෙන් අයින් වෙලා ඉන්න නිසා මේ තැනත් දාල යන්න එයා තීරණය කරේ මාව මැරි කරපු දවසෙමයි..

එයා ලැගේජ් දෙකක් අත් දෙකට ගද්දි මම එයාගෙ අතක් බදාගෙන එයා එක්කම එලියට බැස්සෙ අපේ මතක ගොඩකින් පුරුනු මේ තැන දාල යන්න මගෙ හිත බෑ බෑ කියද්දිමයි..

නගින්න...

ජීප් එක විකුණල දාල ආසි මගෙ කැමැත්තට අනුව ගත්ත රතු පාට කාර් එකේ ඩිකියට එයා ලැගේජ් දෙක දාල මට ඉස්සරහ දොර ඇරල දීල නගින්න කියද්දි මම ආයෙත් එක පාරක් හැරිල ගේ දිහා බලල කාර් එකට නැග්ගෙ නම් අමාරුවෙන් උනත් මගෙ හිත පාලනය කරගෙන...එයා එහෙම්ම ගිහින් ගාර්ඩ්න් එකේ හිටපු ගාර්ඩ්ස්ලට මොනාද කියල ඇවිත් ඩ්‍රයිවින් සීට් එකට නැගල හුස්මක් යවල වාහනේ ස්ටාට් කරේ මට එක බැල්මක්වත් නොදී...සමහර විට එයාට තේරිල ඇති මම දුකින් කියල...

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now