08 කොටස✴️

1.3K 338 30
                                    

දවස් දෙකක් ගෙවිල ගියා.. ආසි පේන්නවත් හිටියෙ නෑ.. හැබැයි ආර්යාව නම් මම අහම්බෙන් වගේ දැක්ක වෙලාවල් තිබ්බ.. ඒත් එයා උනත් වෙනද වගේ වැඩි කතා බහක් නෑ.. මාත් ඉතින් එයාල එක්ක පෑහෙන්න ගියෙ නෑ.. මොකද එයාල ආශ්‍රය කරන්න තරම් හොද මිනිස්සු නෙමෙයි නිසා ..

සූ අර පලතුරු ටික ලෑස්ති කරාද..

ඔව් අම්මා..

හරි එහෙනම්..තම්බිව ඉක්මනට එක්කරගෙන එන්න.. අපි වීල් එක ලග ඉන්නෙ..

දැන් අපි මේ යන්න හදන්නෙ කෝවිලට.. මොකද අද පාට්ටිගෙ උපන්දිනේ නිසා.. ඉතින් එයා ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න ඉද්දි මොකටද කේක් කියල හිතලද කොහෙද අද කෝවිල් යන්නම ඕන කිව්ව.. ඒ හින්ද දැන් මේ අම්මයි , මමයි , තම්බි හදන්නෙ පාට්ටිව කෝවිලට එක්කරගෙන යන්න.. එතකොට අප්ප නම් ගෙදර නෑ එයා උදේම වැඩට යනව කියල කිව්වට.. අපි හැමෝම දන්නව රෑට ගෙදර එන්නෙ හතර ගාතින් කියල..

අප්පට අද එයාගෙ අම්මගෙ උපන්දිනේ කියලවත් ගානක් නොවෙද්දි.. මම බලාගෙන පාට්ටි අපිටත් හොරෙන් අඬනවා.. මොන අම්මටද දුක නැත්තෙ තමන්ගෙ කුසින් වදාපු දරුව තමන්ව අහක දාල තියෙද්දි..පාට්ටි කොච්චර අප්ප එක්ක රණ්ඩු උනත් තමන්ගෙ එකම පුතාට පන වගේ පාට්ටි ආදරෙයි.. ඒත් අප්පගෙ හිතේ නම් ආදරේ කියන දේ අපිට පැල කරන්න වෙයි වගේ.. මොකද තමන්ගෙ අම්මට ආදරේ නොකරන කෙනෙක්ගෙන් අපි උනත් කොහොමද ආදරේ බලාපොරොත්තු වෙන්නෙ..

හැබැයි මගෙ පාට්ටිට අපි ටික දෙනා ඉන්න නිසා අද එයා කදුළු හිර කරගෙන හරි හිනා වෙලා ඉන්නව..ඉතින් අපෙ ආදරනීය පාට්ටිව සතුටු කරන්න අද වගේ දවසක අපි තුන් දෙනා ඕන දෙයක් කරන්න ලෑස්ති හදවතින්ම..

අමිත්..

අහ් එනෝ එනෝ...

මම තම්බිගෙ කාමරේට නොයා දොර ලග හිටන් හිටියෙ එයා ඇඳුම් අදිනව ඇති කියල හිතල.. ඔය කොල්ල වෙලවකට කෙල්ලෙක් වගේ තමයි ගමනක් යන්න යද්දි ලෑස්ති වෙන්න ගියාම..

හරි යමු අන්නා...

පව්ඩර් බබා වගේ කාමරෙන් එලියට ආපු තම්බිගෙ කරටත් අත දාන් මම ගෙයින් එලියට ගිහින් ජනෙල් දොරවල් ඔක්කොම වහල දාල ගේට් එකත් ලොක් කරගෙන වීල් එකට නැග්ගම ඉතින් අම්මගෙන් බැනුම් එහෙමත් අහගන්න උනා.. මොකද ඉතින් අපි වැදගත් ගමනක් යන්න යද්දි කවදාවත් වෙලාවට වැඩක් කරන් නෑනෙ... හැබැයි අද මම නම්  බැනුම් අහගන්න මූලිකම හේතුව තම්බි තමා.. නැත්තම් මේ සූර් එහෙම ලේසියෙන් බැනුම් අහන කෙනෙක් නෙමේ...

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now